ස්වර්ණ මායා

Special Price රු. 1,560.00 Regular Price රු. 1,950.00
Out of stock
SKU
swarna-maya-kanchana-alahapperuma-nohandunnani-publishers

“දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...''

ආශිෂ් වික්‍රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය.

''අමුත්තක්... ඒ කිව්වෙ..?”

එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය.

“මං ඕන තරම් කෙල්ලො ආශ්‍රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා...’

''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද.."

දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය.

''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරියට මං කාලාන්තරයක් තිස්සෙ හොය හොයා හිටපු කෙනා හම්බුණා වගේ...”

“අශියා... උඹ හොඳින් නේද..?”

"දිනා... එයා තමයි කෙනා...”

Author කාංචනා අලහප්පෙරුම-kanchana alahapperuma (8)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (102)
More Information
ISBN 9786245558322
පිටු ගණන 456
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්වර්ණ මායා
Back to Top