යශෝරාවි
රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මෙන්ම කෝටි ගණනක වත්කම් වල එකම උරුමක්කාරයා ද ඔහු පමණක් ම විය. මුරණ්ඩු දඩබ්බරකම් හේතුවෙන්ම ගම එකම පුතුව වංශක්කාර පවුලක එකම දියණිය හා විවාහ කර දුන්නේ ඔහුගේ පියා පරාක්‍රම ගජනායකයන් විසිනි. නූපා බණ්ඩාරනායක සහ රජීව් ගජනායකයන් අතර සිදු කළ විවාහය ගජනායක පවුල එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම වැරැද්ද බව වටහා ගන්නට එවකට සිටි කිසිවෙකුටත් නොහැකි විය. නොගැළපෙන විවාහයෙන් හෙම්බත්ව මානසිකව විඳවමින් සිටි රජීව් දෙමසක් ගත වීමට මත්තෙන් විදේශගත වූයේ විවාහයකින් තමාව කොටු කර තබා ගන්නට නොහැකි බව සියලු දෙනාට ඒත්තු ගන්වමිනි. ඒ ගිය ගමන අඩ වසරකට පසු ඔහු යළිත් පැමිණියේ කිසිදු බිය සංකාවක් නොමැතිව ප්‍රංශ යුවතියක ද කැටුවය. තම නීත්‍යානුකූල බිරිඳ නිවසේ සිටියදී තවත් ගැහැනියක් මෙලෙස රැගෙන එන්නට තරම් රජීව් මොනතරම් නම් වංචාකාරී නරුමයෙකුදැයි රජීගේ බිරිඳ නූපා ට තියා ඔහුගේ මව සුඛ ප්‍රාට පියා පරාක්‍රම ට මෙන්ම රජීව්ගේ හොඳම මිතුරා ලෙසින් සිටි බාප්පා වූ මහසෙන් ට වත් සිතා ගත නොහැකි විය. ඉදින් සියල්ල ආරම්භ වනුයේ ඉන් පසු ය. මිනීමැරුම් අතුරුදන් වීම් අත්භූත සිදුවීම් හා රජීව්, සජීව්, කැමේලියා, අමේලියා ඇතුළු ගජනායක මැදුර වටා ගෙතුණු අභිරහසක්.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.