Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

About this book

බස්සා බොහෝවිට ලියන්නේ උපේක්ෂා සහගත ප්‍රේමයයි. එය පෙරළා ඔහුගේ හදවතේ පිළිඹිඹුව බව මගේ අදහසයි. ලේඛකයින් යනු සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ ලියන්නන් නොවේ. ඔවුහූ සිය ආත්මයේ අඩු වැඩිය පරිකල්පනය හා මුසුකොට ලේඛනයට එක් කරති. එබැවින් ඔවුන් ලියනා දේ තුළ ඔවුන් පිළිඹිබු වීම වැළැක්විය නොහේ. බස්සා අයත් වන්නේ සිය හදවත වචන කරනා කුලකයට බව මගේ හැඟීමයි. ඔහුගේ වචන කියවා ඔහු සොයා ගත හැකිය. නැතහොත් ඔහු කියවා ඔහු වචන කරනා හදවත සොයාගත හැකිය. ඔහුගේම අනන්‍ය හැඩයක් විහිදුවන බස්සාගේ ජීව්තයේත්, කවියේත් ඒටර්නල් ප්‍රස්තූතය ප්‍රේමයයි, ප්‍රේමයෙහි උපේක්ෂාවයි. නැවතත් ඒ ඔහුමයි!

ස්ව-Young වූ කලී මගේ මනස කූතූහලාත්මක නොවෙලා ජර්නියක් රැගෙන ගිය කතාවකි. එහි කතා වින්‍යාසය මදක් මලයාලම් සිනමාවෙහි පැටලුම් රසය රැගෙන එයි. ස්ව-ශදමබට, චිත්‍රපටියක් සේ ජවනිකා මනසේ මැවෙන කතාවකි. වැදගත්ම දෙය නම් එය පාඨකයා කම්මැලි නොකිරීමයි. එහෙත් කතාව ගොඩනැගෙන සොඳුරු පරිසරය වර්ණාවේදි පමණක් ලේඛකයා මදක් කම්මැලි වී ඇතිදැයි සිතේ. ඇතැම්විට ඒ නැවතත් අත්‍යවශ්‍යම දෙය පමණක් තෝරාබේරා ගන්නා ලේඛක බස්සාගේ සැබෑ ජීවන පුරුද්ද විය හැක. ප්‍රේමය නම් අපට කිසිදා නිශ්චය කළ නොහැකි යමකි. එය අපායේ සිට දිව්‍යලෝකය දක්වා තමන්ගේම නීතියක් අත්පත් කරගත්තකි. එය, ස්ව-Young ස්වයං හික්මීමැති ලේඛන වහරකින් ගෙන එයි. ඔබ යමක් දුන්නේද, නොදුන්නේද ඒ අතරමැද ඉඩක ජීවත් වන්නේද කූමන මොහොතක වුවද ප්‍රේමයත්, ජීවන අවබෝධයත් නොනසා ගත යුතුයි! ස්ව-Young යෝජනා කරන්නේ එයයි.

යේශා ෆර්නැන්ඩු (ලිලැක්)

Details
ISBN
9786246781002
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.