Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බකුසුවත

බකුසුවත

About this book

තීරු ලිපි යනු වෙනම ම කලාවකි. හැඩයෙන් හා ගුණයෙන් එය පත්තරයක වෙසෙස් තැනක් හිමි කර ගනී. පත්තර කලා ඉතිහාසය තුළ තීරු ලිපි රචකයා, කර්තෘවරයා හා සමතැන් තැබීමට තරම් සුදුසු වෙයි. කදු නාය යන වේගයෙන් වත්මන් පත්තර කලාව පල්ලම් බහින මොහොතක. 'රැස' පත්තරය තීරු ලිපි රචකයන්ට විශාල අවකාශයක් විවර කර දුනි. එහි පල ලබා ගත්තෝ බොහෝ ය. වසර දෙකක් වැනි කෙටි කාලයකින් මරණයට පත් කරන ලද 'රැස' පත්තරය නො මැති වුව ද එහි පළ වූ තීරු ලිපි කෘති ලෙස මුදුණය වීම එහි සජීවි ප්‍රතිඵලය යි.

'බකුසුවත' තීරු ලිපි එකතුව පාඨකයාට මනස පමණක් නොව හදවත ද වෙහෙසා විමසා බලන්නට අලුත් කවුළුවක් විවර කර දෙයි. කාලීන සමාජ - දේශපාලන සිද්ධීන් දෙස රචකයාගේ වීමංසාව පැතිරුණු තලයක පවතී. එමෙන් ම මුල් ලිපියේ සිට අවසන් ලිපිය දක්වා කියවා ගෙන යන විට භාෂාව සහ අන්තර්ගතය වඩාත් මුවහත් වෙමින් වර්ධනය වන අයුරු සලකා බැලීම, නවක තීරු ලිපි රචකයකුට අධ්‍යයන කලාපයකි.

ISBN
9789554788824
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බකුසුවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.