Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පිය

About this book
ධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ අලුත්ම පොත අසීමිත වූ පිය සෙනෙහස පිළිබඳ කතාන්දරයකි. පොතේ නම ද පියය. එය ආදරයක මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු කතාවකි. පිරිමි හෘදය සැත්කමකට බඳුන් කොට එහි පිරී ඇති සෙනෙහස විවිධ කෝණවලින් පෙන්වීම සියුම්ව පිය පොත හරහා බස්සා කරනුයේ අලුත් දොරවල් හැර දෙමිනි. ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක මිතුරු කැල තුළ බස්සකු වන්නේ ඔහු ලියු බකුසුවන නීරු ලිපි පෙළ නිසාය. බකුසුවන ජනප්‍රිය තීරු ලිපියකි. එය පොතක් ලෙස ආ කල බස්සා නව නවත් කලඑළි බැස්සේය. සිය තීරු ලිපිය හරහා සමාජයේ හතර අතම ස්පර්ශ කරන්නට ඔහු සමන් විය. ඔහු එය අදටත් කරමින් සිටී. නීරු ලිපිය දිගේ කතා කලාවට බසින බස්සා ඉතා කෙටි අපුරු ප්‍රේම කාව්‍යයක් ස්වyoung' ලෙස නවකතාවකට පෙරළීය. එය කියවූ මට ඉතා රස බර මිහිරි ඵලයක් සේ දැනෙන්නට විය. බස්සාගේ පිය පොන ජීවිතය පිළිබඳ පැනසර රූපකයක් හිමවන්නට දරන තැතකට වඩා ජීවිතය ඇසුරින්ම ජීවිතය ලියන නිරායාසකාර ලියවිල්ලකි. දිවි පෙවෙත ජීවිත පරිඥානයෙන්ම විනිවිදින චින්තාවක් එහි අඩංගුය. ඊටම උචින වු බස්සාගේ සුවිශේෂි වු බස් වහර පාඨක සිත් ඇද බැද ගන්නවා ස්ථිරය. බස්සා ලිවීමේ උන්මාදයෙන් පෙළෙන්නෙකි. ඒ නිසාම තව බොහෝ දුරක් ලේඛන මගෙහි පියමැන යන්නට මම බස්සාට සුබ ප්‍රාර්ථනා කරමි. ඒ යන මගෙහි අපි බස්සාගේ පිය පොත සමග පිය සටහන් තබමු. ජය බස්සා....! ටිරන් කුමාර බංගගමආරච්චි මාධ්‍යවේදී - ඉරිදා මව්බිම
ISBN
9786246781019
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.