Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

කාශ්‍යප මව්බිමට ද්‍රෝහී වෙලා තියෙනව. සතුරන්ට එකතු වෙච්ච බව ඔප්පු වෙලා තියෙනව. කාශ්‍යප ඔත්තුකාරයෙක්. ද්‍රෝහියෙක්. ඒ කරපු වරදට දඬුවම ක්‍රියාත්මක කරන්න කියල අපට නියෝගයක් ලැබිල තියෙනව. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නයි අපි ආවෙ.” කණ්ඩායමේ ප්‍රධානියා යයි ඇඟවෙන හැසිරීමක් සහිත පුද්ගලයා කියා සිටියේය.

"මම දැනුවත්ව කිසිම වරදක් කරලා නැහැ. කරන්නෙත් නැහැ.” කාශ්‍යප සඳහන් කළේ සුපුරුදු සන්සුන් ස්වරයෙනි.

" දඬුවම තීන්දු වෙලා ඉවරයි. අපි ආවේ ඒක ක්‍රියාත්මක කරන්න.”

"මම වරදක් කරලා නැහැ. මෙතන තියෙන්නෙ වැරැදි වැටහීමක්.”

කාශ්‍යපගේ එම ප්‍රකාශයත් සමග හදිසි කලබලකාරී බවක් පෙන්නුම් කළ කණ්ඩායම කාශ්‍යප කෙරෙන් ඈත් වෙන්නට වුණේ අවට විපරම් කරන බවක් අඟවමිනි.

කාශ්‍යප නිසොල්මන්ව බලා සිටියේය.

ක්ෂණයකින් අඳුර විනිවිද ගමන් ගත් ගිනියම් උණ්ඩ කීපයක් කාශ්‍යපගේ පපුවේ වම් පසින් ඇතුළුව සිරුර පසාරු කරන ලද්දේ ලෝදිය දහරකින් මුළු ගත නෑවී යන බවක් දනවමිනි.

ISBN
9786242042954
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: T 559

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.