Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තන්දුරි චායි

තන්දුරි චායි

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තමිල්නාඩුවේ මදුරාසියේ දෙමළ අවන්හල්වලින් ශෛව භෝජන ගෙන තිබුණත්, අප මීට පෙරාතුව කිසිම දිනයක කේරළ භෝජන රස විඳ තිබුණේ නැත. පෙනුමේ හැටියට නම් මේ කේරළ භෝජනාලයේත්, මදුරාසියේ ශෛව භෝජනාගාරවලත් වෙනසක් නැති සේය. සේවකයන් තළෙළුළුය. අඳින්නේ සුදු පැහැති සරොම් හෝ ලංගි ය. ඔවුන් සමහරකගේ නළල්වල විභූති තවරා ඇත.

“මොනවද දවල් කෑමට තියෙන්නේ?”
හෝටල් සේවකයාට පැනය යොමු කළේ නාලක සර් විසිනි.

“චෝරුම් කරියුම්, දෝෂා, මසාල දෝෂා, බොන්ඩා, පුට්ටු, ඉට්ලි.”

සේවකයා කියාගෙන යන්නට වූයේ මලයාලම් උරුවට විය යුතුය. දෙමළෙන් දෝසා යැයි කීව ද එය මලයාලම් උරුවට දෝෂා වී ඇත.

“බත් නැද්ද?”
සම්පත් අසන්නේ කෝසලගේ මුහුණ දෙස බලමිනි.

“මට තේරෙන විදිහට ඔය චෝරුම් කරියුම් කිව්වෙ බත් මාළු පිණිවලට වගෙයි.”
කෝසල අප දෙස මාරුවෙන් මාරුවට බලමින් ඊට පිළිතුරු දෙයි.

ISBN
9786246266943
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තන්දුරි චායි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.