Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තනි පිහාටුව

තනි පිහාටුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''තරු කීයක් තිබුණද අහසේ...''

තිනුල් හලෝ කියන්නෙත් නැතුවම අහද්දී දිනිදිගේ මුණට ආවේ හිනාවක්.

''මං ගැන ඔත්තු බලනව ඇරෙන්න වෙන වැඩක් නැද්ද...?''

ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්.තිනුල්ගේ මුණටත් හිනාවක් ආවා. මේ තරම් වෙලාවක් ඉස්සරහා හෝටලේ බැල්කනියට පායලා තිබුණු හුරුබුහුටි තරුව දිහා තමයි ඔහු බලාගෙනම හිටියේ.

''තරුවක් තරු ගණං කරනව දැක්කමයි..''

තිනුල් කිව්වේ හිනාවෙවී. දිනිදිටත් හිනා ගියේ සරදමට වගේ.

''තරු, තරු ගණං කරනව බලන් ඉන්නේ පරිස්සමින්... දන්නැතුවම තරු පෙනිල තියෙයි... ''

''අම්මෝ ඔයා හරි චණ්ඩිනේ.. තරු පෙන්නයි කියලා තමයි බය...''

''ඇයි බෑ කියලද කියන්නෙ...?''

''අනේ නෑ.. සුදු මැණිකේ මට මන්දාකිණියක්ම පෙන්නයි...''

''අනෙ මේ...''

තිනුල් ඕනෑවට වඩා වචන වලින් හුරතල් වෙද්දී, දිනිදි කතා කරේ සැරෙන්.තිනුල් තරමක් සද්දෙට හිනා වුණා.

''ආදරෙන් කතා කරන්න දන්නෙම නැද්ද..? මට ආදරෙයිනේ... ඒක කියලා හිටියනම් හරිනේ..''

හිනාවෙන එකට කෙටි විරාමයක් තියලා තිනුල් ටිකක් බර කරලම ඇහුවා. දිනිදි බර හුස්මක් පිම්ඹේ සැරට.

''ඒ කියන්නෙ මිස්ට තිනුල් මට ආදරෙයි කියලද..?''

දිනිදි ඇහුවේ රාජකාරිමය කටහඬක් මවාගෙන. ඒත් ඒ වචන ළඟ තිනුල් නිරුත්තර වුණා.

''මං ආදරෙයි බට්ටිච්චිට... එයා ආය කවදාවත්ම මට හම්බෙන්නෙ නැති වෙයි.... මොකද එයා මාව දාලා ගිහින් අවුරුදු දාහතරකටත් වැඩියි.. ඔයා මට නිතරම එයාව මතක් කරනවා... ඒක ආදරේද කියලා දන්නෑ.. ඒත් ඔයා මට ආදරේනම් මට පුළුවන් බට්ටිච්චිව අමතක කරන්න... සමහරවිට බට්ටිච්චිට දුන්නු ඉඩ සදහටම ඔයාට අයිති වෙයි... ආය ඇත්ත බට්ටිච්චි ආවත් නැතත්... '' තිනුල් ඒ හැමදේම කිව්වේ හිතින්.

ISBN
9786245841158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තනි පිහාටුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.