Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු බඹසර
About this book
සදාචාරය යන්න පුද්ගල කණ්ඩායම් විසින් සමාජය මත ආරෝපණය කිරීමට වෙර දරන බොල් හරසුන් ආකල්ප හා පිළිගැනීම් සමුදායක් ලෙස සමහරු තර්ක කරති. එහෙත් එවැනි තර්ක ඉදිරිපත් කරන කණ්ඩායම් ද නො දැනුවත්ව ම හා වරින් වර සමාජය විසින් ඔසවා ගෙන යනු ලබන සදාචාරාත්මක වටිනාකම්වල ප්‍රබල බව පසක් කර ගනිති. මෙහි එන ප්‍රධාන චරිත ද්වය වන මහසෙන් හා මයුරි ද සදාචාරාත්මක පක්ෂය බිඳ ගෙන අංශු මාත්‍රයක් හෝ ඉදිරියට යෑමට තැත් කිරීමෙන් සමාජ කතිකාන නමැති සැඬ සුළඟට අසුව ඒ මේ අත ගසා ගෙන යති. තමන් බැතියෙන් සුරැකි ඇවතුම් පැවතුම් මේ හේතුව නිසා බිඳී යයි. සමාජයෙන් එල්ල වන තර්ජන ගර්ජන වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙයි. කවදත් සිදුවන ආකාරයෙන්ම මෙහි දී ද ගැරහුම් නින්දා අපහාස හඹා යන්නේ මයුරි නමැති ගැහැනිය පිටුපසය. මේනිසාම ඇය තම ජීවිතයේ නොයෙක් හැල හැප්පුම් රාශියකට මුහුණ දෙයි. ඒ සියල්ල විඳ දරා ගෙන උපේක්ෂා සහගතව ජීවිතය දෙස බැලීමට මේ සිදුවීම් නිසාම ඇයට මනා පරිචයක් ලැබේ.
ISBN
9789556560386
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තරු බඹසර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.