1925
About this book
2016 වසර
සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් ... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්.. එම සිහින තුළන් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද...? හුදකතලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද...? පාළු දිය ඇල්ල පාමුලට පාවි එන මළ සිරුර කාගේද... ?
බ්‍රිතන්‍ය අධිරාජ්‍යවාදින් ලක්දිව පාලනය කල 1920 දශකය ....
දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්.... මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්..
මිනිස් සිත තුළ ජනිතවන ආදරය, වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද ...?
සැබවින්ම මරණය යනු නිමාවක්ම වේද ...?
Details
ISBN
9789553727664
පිටු ගණන (Pages)
569
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 5
-
Detective Horror1925 ~ ONCE UPON A TIME IN CEYLON
2016 වසර
සිය ජීවිතයේ පළමු වතාවට සුන්දර හපුතලේ ප්‍රදේශයට පැමිණෙන තරුණයෙක් ...
කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අත්භූත සහ විවිධ ස්ථාන වලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්...
එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද???
හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු ආත්මයේ අරමුණ කුමක්ද???
පාළු දිය ඇල්ල පාමුලට පාව එන මළ සිරුර කාගේද?
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කල 1925 වසර
දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සැඟවී ගිය අසම්මත ආදරයක්...
මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්...
සැබැවින්ම මරණය යනු නිමාවක් ම ද?
මේ ඉමේෂ් මධුසංඛ ගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය වේ. පුනරුප්පත්තිය හෙවත් නැවත ඉපදීම කාලාන්තරයක් පුරා විවාදයට ලක් වන , ගවේෂණයට ලක් වන සංකල්පයකි.
එවන් පසුබිමක පුනරුප්පත්තිය සම්බන්ධ නිර්මාණයක් බිහි කරමින් අගනා කෘතියක් නිර්මාණය කිරීම බෙහෙවින්ම අගය කල යුත්ත කි.
ශානරය - අත්භූත / රහස් පරික්ෂණ
ප්‍රකාශනය - මියුසස් ප්‍රකාශන
පිටු - 569
මිල - රු. 950.00 -
★★★★★ 1925kiynna kisim awlk na pattama lassana pothak ....kiywana kenage ruchikathwaya anwa wens wenwa athi kathwe rasaya but perfect pothak
-
★★★☆☆ පරිසරය සිතේ මැවෙන පොතක්ඔබ පුනර්භවය විශ්වාස කරනවාද? කර්මය, ගන්ධබ්බ අවදිය ඇතුලු මනෝ විද්‍යාත්මක කරුණු කෙරෙහි ඇල්මක් දක්වනවාද?
සිංහල බසින් ඇතැම් පර්යේෂණ කෘති, පුවත් පත් ලිපි රචානා වී ඇතත් නවකතාවකට එවන් කතාවක් පසුබිම් වී ඇත්නම් ඒ ප්‍රමාණය අතලොස්සකි. තරුණ නවකතාකරුවකු ලෙසින් ඉමේෂ් තම කුලුදුල් නව කතාව, සාම්ප්‍රදායික එහෙමත් නැතිනම් ඇල් මැරුණ අලෙවි වන ආකෘතියෙන් මිදී නව ආරක කථාවක් ලෙස පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
1900 මුල් දශකයන් කිහිපය තුල. ලංකාවේ ආර්ථිකය, සමාජය පාලනය කළ සුදු මුලෑදෑනීන් පසුබිමු වන කතා ආරම්බයත් සමගින්, තම රදළ මානසිකත්වයෙන් පල්ලම් බසින ඇලන් නම් සුදු ජාතිකයා සදමාලී නම් ස්වදේශික තරුණියත් වටා යන්තමින් ගෙතුන ප්‍රේම ජවනිකාව මත ඇරබෙන කතාව වර්තමානයේ සමාජ වටපිටාව අනුව පෙළ ගස්වා තිබේ.
ඇලන් මිය යනවාද? සදමාලී ජීවත් වනවාද? ජෙනිෆර් යනු කවුද? යන ප්‍රශ්න වලට උත්තර සොයන සිදත් නම් තරුණයාත් සේනක නම් වතු පාලකවරයාත් කතාවේ පසුබිම වෙයි.
කතුවරයා සමහරතැන් තුල ඉක්මන් වීම, චිත්‍රපට ජවනිකාවක් ලෙස කතාව විස්තර කිරීම ඇතැම් තැනක කථාවේකුතුහලයට බාධා උනත්, සැබැවින්ම හොද නිර්මාණයකි -
★☆☆☆☆ Not interestingපුනර්භවය තේමාව යටතේ ලියවුණු කතාවක්. කතාවේ තේමාව හොඳයි නමුත් කතාව ඉදිරිපත් කර ඇති ආකාරය සහ එහි සිද්ධි පෙළගස්වා ඇති ආකාරය එතරම් සතුටුදායක නැහැ. කතාවේ කුතුහලය පවත්වා ගැනීමට රචකයා සමත් වී නැති බව පේනවා
-
1925Nothing
Write a review
Write a review