තරු නැති අහස
ආචාර්ය අජන්ත ධර්මසිරි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඔක්ලහෝමා සරසවියට අනුබද්ධිත ප්‍රයිස් ව්‍යාපාරික පීඨයේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි.
ආචාර්ය ධර්මසිරි දශක දෙකකට වැඩි කාලයක් යුනිලීවර් සහ නෙස්ලේ ආයතන ඇතුළුව පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයෙහිම සේවය කර ඇත. ඒ මහතා ආසියාවේ, සහ මැදපෙරදිග රටවල් දහතුනකට වඩා වැඩි ගණනක පුහුණු හා උපදේශන ව්‍යාපෘති පවත්වා තිබේ.
අජන්ත ධර්මසිරි මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පිළිබඳ එම්. බී. ඒ. සහ ආචාර්ය උපාධියද ලබා ගෙන තිබේ. ආචාර්ය ධර්මසිරි, වරලත් ඉංජිනේරුවකු හා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයේ සමාජිකයෙකු ද වේ. සංවර්ධන බැංකුවක ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.
පර්යේෂකයකු ලෙස හා අධ්‍යයන විශේෂඥයකු ලෙස විවිධ පර්යේෂණ වාර්තා ලොව පුරා නගර දහයකට වැඩි ගණනකදී ඒ මහතා ඉදිරිපත් කර තිබේ. ආචාර්ය අජන්ත ධර්මසිරි ග්‍රන්ථ දෙකක කතුවරයෙක් ද වන අතර විද්‍යුත් මාධ්‍යවේදියකු හා තීරු ලිපි රචකයෙකු ලෙස ද කටයුතු කරයි.
ආචාර්ය අජන්ත ධර්මසිරි තමන්ව හඳුනාගන්නට කැමති විදුලි ඉංජිනේරු විද්‍යාවෙන් බැහැරව හදවත හා මනස පිළිබඳ ඉංජිනේරුවකු වන්නට පියවර තබන්නකු ලෙසය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Nethi ahasaJothi