තව එක දවසක්
චාලි බෙනෙටෝ යනු හදවතින් බිඳී ගිය මිනිහෙක්. ඔහුගේ ජීවිතය විනාශ මුඛයට පැමිණ ඇත. ඒ මත්පැන් හා පසුතැවිලිවීම් නිසා. ඔහු ඔහුගේ පවුල අතහැර දමා ඇත. තම එකම දියණියගේ විවාහ මංගල්‍යයට ආරාධනාවක් නොලැබුණ බව දැන ගත් මොහොතේ තමා ඉතාම පහත් මට්ටමකට වැටී ඇති බව අවබෝධ කර ගනියි.
ඔහු මැදියම් රැයේ තමන්ගේ කුඩා කල සිටි නගරය වෙත යයි. ඔහුගේ අවසන් ගමන. නමුත් දනි පනි ගා නිවසට ගොඩ වූ ඔහුට විශ්මය දනවන යමක් සොයා ගන්නට ලැබේ. ඔහුගේ මව - අට වසරකට පෙර මියගිය මව - එහි සිට ඔහුව පිළිගන්නේ කිසිදා කිසිදු දෙයක් සිදු නොවූ විලසින්.
මෙහි ගලා යන්නේ එක් දවසක් ගැන යයි අපට දැනුනත්, අප බොහෝ දෙනෙක් දැඩි ලෙස ප්‍රාර්ථනා කරන්නේද මෙයම නොවේද? තමන්ට අහිමි වූ දෙමාපියන් සමඟ හොඳ දවසක් පවුලේ රහස් අනාවරණය කිරීමට අවස්ථාවක් ලැබුණොත්, එය කෙසේ විය හැකිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.