තව මොනවද අපි ගෙවන ණය - කාව්‍ය සංග්‍රහය

Special Price රු. 312.00 Regular Price රු. 390.00
In stock
SKU
thawa-monawada-api-gewana-naya-sujani-wijesundara-kathru

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් සිප් සතර හදාරා කැලණිය සරසවියෙන් ප්‍රතිබිම්බ කලා (සිනමා රූපවාහිනි ඡායාරූප කලා විශේෂවේදි ගෞරව උපාධ්යත් දර්ශනපති උපාධ්යත් ලබාගත් සුජානි විජේසුන්දර එම අධ්‍යයන අංශයේම සහකාර සහ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කර අනතුරුව රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසියේ සහකාර වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ නිවේදිකාවක් ලෙසිනි.

සිනමාව පිළිබඳ පොත්පත් ද රචනා දී කර ඇති ඇය, පුවත්පත් සඳහා සිනමාව පිළිබඳ විශේෂාංග ලිපි රචනයේ ද නිරත වේ. සුජානි විජේසුන්දර මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බහුවිධ කුසලතා ප්‍රදර්ශනය කරන තැනැත්තියකි. සුජානි කැමරා ශිල්පිනියකි. සංස්කරණ ශිල්පිනියකි. අධ්‍යක්ෂවරියකි. හඬ කැවීම් ශිල්පිනියකි. නිවේදිකාවකි.

මේ වන විට ඇය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටි.

කවි කාරිය මෙවර ඇගේ භූමිකාවයි. — තව මොනවද අපි ගෙවන ණය - සුජානිගේ ප්‍රථම කවි සිතුවිලි සමුදායයි.

Author සුජානි විජේසුන්දර - Sujani Wijesundara (2)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9789554247512
පිටු ගණන 56
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තව මොනවද අපි ගෙවන ණය - කාව්‍ය සංග්‍රහය
Back to Top