ඇමසන් වනයේ ඇස

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
In stock
SKU
the-eye-of-the-forest-manjula-pbkerr-ashirwada
Author P.B Kerr (4)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (437)

ඇමසන් වනයේ ඇස

මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත්‍රාසජනක වික්‍රමය

පරිවර්තනය

මංජුල දිසානායක

බහිරව නිවුන් දරුවන් වන ජෝන් සහ පිලීපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරඹති. මේ අතර බර්ලීනයේ කෞතුකාගාරයෙන් දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසඳීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලීපා සහ නිම්රොඩි ඇතුළු පිරිසක් ඇමසන් වනාන්තරයට යවනු ලබයි. එහි දී ඔවුන්ට ප්‍රබල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ “ඇමසන් වනයේ ඇස” නමැති දොරටුව සොයා ගැනීමට හැකි වේ.

මේ අතර තම අහිමි බහිරව බලය නැවත ලබා ගැනීමට ඉපැරණි ඉන්කා යාතුකර්මයක්  කිරීමට සැරසෙන ඩයිබක් ද වනාන්තරයේ ඇස සොයා පැමිණෙයි. මේ යාතුකර්මයෙන් ලොව ම විනාශ කළ හැකි න්‍යෂ්ටික පිපිරුමක් හට ගන්නා බව අවබෝධ කර ගන්නා නිම්රොඩ් ඇතුළු පිරිස එය නැවැත්වීමට උත්සාහ දරති. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ ද? බහිරව බලය නැවත ලබා ගැනීමට සැරසෙන ඩයිබක්ගේ ඉරණම කුමක් වේ ද?

Back to Top