Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ද හන්ඩ්‍රඩ් - ගෙවැදීම

ද හන්ඩ්‍රඩ් - ගෙවැදීම

About this book

මනුෂ්‍යත්වය ඔවුන්ගේ වාසභූමිය කරා ළඟාවෙයි. මිහිමඬලට සැපත්ව සති ගණනක ඇවෑමෙන් කුරිරු, විපත්තිදායක වටපිටාව මධ්‍යයේ වුව යම් විධිමත් බවක් ඇති කරගැනීමට සිය දෙනාගේ කල්ලිය සමත් වෙයි. එහෙත් ඔවුන්ගේ මේ සුහුරු සමබර සැලැස්ම සුනු විසුනුවී යන්නේ අලුතින් කඩා පාත්වෙන අජටාකාශ යානයක් නිසාය.

වෙනත් දේශයක් කරා පැමිණි මෙම පිටස්තරයන් එක් අතකින් වාසනාවන්තය.ඔවුන් සතු ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම ඉවර වුයේ නිරුපද්‍රිතව මිහිතලයට ළඟාවීමෙන් පසුවයි. එනමුදු ග්ලාස්ගේ වාසනාව ඔහු වෙතින් පළා යන සෙයක් දැනිණි. ගුවන් අනතුර සිදුවු ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායමක් සමග යෑමට ක්ලාක් පෙරමුණ ගත්තේ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණෙකි. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිතැයි අනුමාන කළ තම දෙමාපියන් පිළිබඳ කල්පනාවෙන් ඇයට ගැලවිය නොහැකි විය. මේ අතර සිය සන්නද්ධ මුර සෙබළුන් සමග පැමිණ සිටි උපකුලපතිවරයා නොතකා හැර තම ආධිපත්‍ය පවත්වාගෙන යෑමට වෙල්ස් අරගලයක යෙදෙයි. මෙතැනින් පලා යනවාද නැත්නම් යට ගසා ඇතැයි සිතන අපරාධ වලට මුහුණ දෙනවාද යන උභතෝකෝටිකය සම්බන්ධයෙන් බෙලමි විසින් තීරණයක් ගතයුතුව තිබිණි.

මිහිතලය මත දී ඔවුන් අත්විඳි නිදහස රැකගැනීමට සියදෙනාගේ කල්ලිය එකාවන් ව සටන් වැදීමට මේ හොඳම කාලයයි. නැතහොත් ඔවුන් ආදරය කළ හැමදෙයක්ම හැමදෙනෙක්ම නැති වී යෑමේ අවදානමට මුහුණදීමට මේ පිරිසට සිදුවනු ඇත.

ISBN
9789553124159
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ද හන්ඩ්‍රඩ් - ගෙවැදීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.