ද හන්ඩ්‍රඩ් - කැරැල්ල
වරෙක නොමේරු බාලාපරාධකාරයන් ලෙසින් හංවඩු ගැසු සිය දෙනාගේ කල්ලිය මේ වනවිට ඔවුන්ගේ ජනයා අතර නායකයන් බවට පත්ව තිබිණි. එහෙත්, යුද්ධයෙන් විනාශ වී ගිය මිහිතලය නමැති ග්‍රහ වස්තුවෙන් සියලුම ප්‍රාණින් තුරන්කර දැමීමේ දැඩි අදිටනින් නැඟි සිටි අන්තගාමී කල්ලියක තර්ජනයට මුහුණදීමට ඔවුන්ට සිදුවේ. සිය මිතුරන් ගණනාවක් මේ කල්ලියේ ග්‍රහණයට හසුවු කල්හි ක්ලාක් , ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමක යෙදෙයි. ඇය ස්ථිරවම සිතන්නේ මෙම ආගන්තුකයන් සමග අවබෝධතාවයක් ඇතිකර ගැනීමට තමාට හැකිවේවිය කියාය. බෙලමි තුළ වුයේ වෙනත්ම සැලැස්මකි. තමා ආදරය කරන ජනයා බේරාගැනීමේ නාමයෙන් කිසිවක් හෝ කිසිවෙකු අතරමැදි තත්වයක් ගනු දැකීම ඔහු නොඉවසීය. මේ අතර ග්‍රහණයට හසුවු ජීවිත ගැන බියෙන් පසුවුවත් අතුරෙන් ග්ලාස් මෙම කල්ලියේ චුම්බක පණිවුඩ වශීයකට හසුවෙයි. මේ අනුව සගයන් බේරාගැනීමේ නව උපාය මාර්ගයක් සිතීමට වෙල්ස්ට සිදුවේ. ගොදුරු වු මෙම පිරිස බේරාගැනීමට නොපමාව කණ්ඩායමක් නොපැමිණහොත් ඔවුනට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇත.
සියදෙනාගේ කල්ලියට කවදා හෝ මෙම අනතුරුදායක ග්‍රහ වස්තුව තම වාසභූමිය යැයි කීමට අවශ්‍ය නම් එකිනෙකා අතර එදිරිවාදිකම් පසක දමා ඔවුන් හා ඔවුන්ගේ ලෝකය රැකගැනීමට සටන් කිරීමට සිදුවනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.