Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / තිසලි

තිසලි

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වළාකුළු අතරින් චන්ද්‍රයා සිය අපූර්ව රුව පෙන්වා සිටින්නේ යුවලට ආලෝකයක් ගෙන දෙමිනි. ආකාශයේ නේක විධ වවුල් සමූහයෝ පියඹා යන්නේ චන්ද්‍රා ලෝකය නොපෙනුණද ඔවුන් පිට කරන අතිධ්වනි තරංග ආධාරයෙනි. සිහිල් සුළං පොදක් යුවතියගේ මෙරුන් හා සිල්වර් පැහැ මිශ්‍ර ගවුමේ රැළි ඈතට ගෙනයාමට උත්සාහ දරයි.

සිය ඉඟ වටා රැඳි ඔහු දෑතේ උණුසුම යුවතියගේ සිත ගෙන ගියේ අමුතුම මානයකටය. ඈ නොදැනීම ඈ දෑත ඔහුගේ උරහිස් මත නතරව තිබුණි. නළලට නළල යාවුණු චී සොඳුරු හිමේශය දෙදෙනාම ගත කළේ දෑස පියාගෙනය.

වදන් ගොළුව තිබුණි. මෙවැනි සොඳුරු මොහෙතක් එළඹෙනු ඇතැයි ඔහු කිසිදා සිතුවේම නැත. මේ මොහොත ගෙවී නොයනවා නම් සැනසුමකි. යුවනියගේ උණුසුම, සුවඳ පිරිමි සිත රැගෙන යන්නේ අනන්ත වූ විශ්වයේ නොපෙනෙන අන්තයක් දක්වා නොවේද?

මේ සිහිනයෙන් අවදි නොවී මෙහිම සදාකල් නිද්‍රාවට පත්වීම සැනසුමක් නොවේද?

ISBN
9786245999460
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තිසලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.