ට්‍රෙබ්ලින්කාවේ අවසන් යුදෙව්වා
බග් නදිය ඔස්සේ වර්ෂාවා නගරයෙන් නැගෙනහිරට වන්නට අතරින් පතර වැලි තලාවෙන් ද, මඩ ගොහොරුවෙන් ද, පැල්ලම් වී ගත් සදාහරිත හා පතනශීලී ශාකයෙන් සැදුම්ලත් සුවිසල් භූමි භාගයක් වෙයි. නිස්තේජ පෙනුමක් ගත් එකී භූමි ප්‍රදේශයේ ගම්මාන නොමැති තරමේය. කරත්ත රෝදයේ ඇක්ෂලය දක්වා එරී යන වැල්ලෙන් හෙවී ගත් ඉතා පටු වූ වනාන්තර මාර්ගය, ඇවිදයාමට ද අති දුෂ්කර වූයෙන් සංචාරකයෙකු විසින් නොයා වෙසෙසින් ම අත් හැර දා යා යුතු පෙදෙසක් වෙයි.
මෙකී ජනශූන්‍ය දූර පිටිසරයේ හුදෙකලාව නැගීගත් දුම්රියපොළකි. 'ට්‍රෙබ්ලින්කා' ව නම් වූ එය සිඩ්ලෙක් දුම්රිය ශාඛා මාර්ගයේ පසෙකින් වෙයි. වර්ෂාවා සිට කිලෝමීටර් හැටකට පමණ ආසන්න දුරකිනුත්, එමෙන්ම වර්ෂාවා, බ්යැල්ස්ටොක්, සිඩ්ලෙක් සහ ලොම්සා දුම්රිය මාර්ග එකිනෙක මුණගැසෙනා මල්කිනියා දුම්රිය මංසන්ධියට ඉතා මෑතකිනුත් ඒ පිහිටියේ වෙයි.
මෙකී හුදෙකලා දුම්රියපොළ ට යාබදව මිනිස් ඉතිහාසයේ අතිශය දරුණු වුත්, හද කම්පා කරවන තිරශ්චීනතාවයකින් යුක්ත වූත්, ශෝකාන්දරයක සාක්ෂ්‍ය දරාගත්, ඉතිහාසයෙන් අමතකව ගිය, හෝ නොඑසේ නම් එසේ අමතක කරවාලන්නට උත්සහ කළ, නිහඬත්වයෙන් මූසලව ගිය බිම් තීරුවක් වෙයි.
මේ, එකී බිම් තීරුවේ සිරකර දැමුණු, එහි නේක අටෝර කටුකත්වයන්ට හා දුෂ්කරතාවයන් ට මුහුණ දුන්, දෛනිකව මරණ වරෙන්තුව ඉපැයූ, ජාතියෙන් යුදෙව්වෙකු වීමේ පාපය පමණක් ඉසිලූ අහිංසක එක් මිනිසෙකුගේ මතකාවර්ජනය යි.
මේ, ට්‍රෙබ්ලින්කාව නම් යුදෙව් ඝාතන කඳවුරෙන්, මරණය පරදා පළා ආ, එක් මිනිසෙකුගේ සත්‍ය කතාන්දරය යි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.