Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උමන්දා

උමන්දා

About this book

"උමන්දා බලනවා මගෙ දිහා..."

ඔහුගේ අණ දැඩිය. රාජකාරි මට්ටමේ මෙනි. ඈ සෙමින් ඇසිපියන් එසවූවාය.

" ඔයා ළග ඉන්නෙ මගෙ පණ ටික. හොඳට මතක තියාගන්නවා. තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද?..."

අනේ! ඇගේ හද ගැස්සුණ තරමක්. ඔහුගේ ඒ වදන්...

'' තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද?

ඔහු එම වදන් කීවේ මොන සිතකින්ද? එහි තේරුම නිම්ර තමන්ට කිසිවිටෙක ආදරය කර නොවේද ? කප්පරක් බලාපොරොත්තු තබාගෙන තමන් ඔහුගේ උණුසුමට ගුලි වූයේ මෙම වදන් පෙළ ඇසීමටද? දරුවා දෙදෙනාගේමය. එහෙත් ඔහු මේ ඔහුගේ දරුවා යැයි පමණක් පවසයි. තමා මිය ගියත් ඔහුට කම් නැත. ඔහුගේ දෑසේ ලියැවී තිබෙන්නේ ආදරයක් නොවන බවට ඇදහූ උමන්දා මේ වේදනාවෙන් මිරිකී ඇත.

" තේරුණාද උමන්දා?"

උමන්දා අපහසුවෙන් මුව ඇරියේ දෙනෙත් පුරා උතුරා ගලා හැලෙන කඳුලැලි වලට ඉඩ දෙමිනි.

" තේරුණා... හොඳටම තේරුණා. ආයෙ කවදාවත් තේරුම් කරන්න එපා ඔයා... මේ දරුවා කොහොම හරි ඔයාගේ අත් දෙකට දෙන්නම්...”

ඇය හැරී ඇඳුමකුත් රැගෙන නාන කාමරය දෙසට යන අයුරු ඔහු බලා සිටියේ විමසුම් දෑසිනි.

" තේරුණා... හොඳටම තේරුණා... ආයෙ කවදාවත් තේරුම් කරන්න එපා ඔයා... මේ දරුවා කොහොම හරි ඔයාගේ අත් දෙකට දෙන්නම්...''

ඈ කියූ වදන් වල අරුත කුමක්ද? ඔහු පැටලී ගොසිනි. වරද තමන්ගේය. ඇගේ සිත රිදෙන්නට ඇත. වරින් වර ඈ රිදවා තමන් ලබන කුරිරු සතුට කුමක්ද? නිම්ර දෝතින් හිසකේ පීරාගනිමින් හිස ඉහලට එසවූයේය. මේ කුටුම්භයේ ඈ සේම තමන්ද සිරවී ඇත. ඇගේ පියාගෙන් ගත යුතු පළිය ඇගෙන් ගනිමින් තමන් විටින් විට මෙලෙස සතුටු වන්නේ කෙසේද? නිම්රට ඔහු පිළිබදවම දැනෙන්නේ විසල් කෝපයකි. ඔහු නිල හිස්වැස්ම ගෙන කාමරෙන් එළියට ගියේ තවදුරටත් ඈ දෙස බැලිය නොහැකි බව සිය සිතට දැනෙද්දීය.

ISBN
9786245626311
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උමන්දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.