උණබට කූඩුවේ කුරුල්ලා
1941, චීනය. මිත්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත් වූ පසු එතැනින් ලැබුණු රැකවරණය වෙනුවට සලාක ක්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය.
චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. ඒත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ - විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට්‍රෝල් කණ්ඩායමේ - රැකවරණය පමණි.
සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප්‍රබන්ධය දෙවැනි ලෝක යුද්ධයේ එතරම් අවධානයකට පත් නොවූ දුර ඈත තැනකට පාඨකයාව රැගෙන යයි.
චීනයේ පවත්වාගෙන යන ඉහළ පෙලේ බ්‍රිතාන්‍ය මිෂනාරී පාසැලක්. එයට කඩා පනින ජපන් ආක්‍රමණිකයන්. දෙමව්පියන් වෙනුවෙන් දූ දරුවන් ආරක්ෂා කරන ගුරුවර ගුරුවරියන්. දරුවන්ටත් ගුරුවරුන්ටත් හිතැති චීන සේවකයන්. බාලදක්ෂ ව්‍යාපාරයෙන් මඟ පෙන්වීම ලබමින් ඔවුන් සියල්ලන්ම අභියෝග ජයගන්නට සමත් වේවිද?
යුද්ධ ඔවුන් සිර කළේය… මිතුදම ඔවුන් නිදහස් කළේය…
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.