විද්‍යාත්මක කායවර්ධනය
About this book
විද්‍යාත්මක කායවර්ධනය
1995 වසරේදී කායවර්ධන ව්‍යායාම සඳහා අත්පොත් තැබූ මා මේ ගෙවන්නේ එහි 25 වන වසරයි. එදා මෙදා තුර සිමෙන්තියෙන් සඳහන් බර එසවීමේ උපකරණවල සිට නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත දෙස් විදෙස් යෝග්‍යතා මධ්‍යස්ථාන දක්වා ප්‍රායෝගික අත්දැකීම් ලත් මා පොත් කියවා දැනුම උකහා ගත් පරම්පරාවේ සිට වර්තමාන ඩිජිටල් පරම්පරාව දක්වා පරම්පරා දෙකක් නියෝජනයට තරම් වාසනාවන් විය. වර්ෂ 2013 දී කායවර්ධනය සහ ශාරීරික යෝග්‍යතාවය යනුවෙන් අන්තර්ජාලය සහ යූ ටියුබ් නොමැති කාලයේදී මා පොත් ලිවීම ආරම්භ කළ අතර 2005 දෙසරම්බර් මාසයේ පළකරන ලද එම ග්‍රන්ථයට වසර 15කට පසු එහි දෙවන කොටස ලෙස මෙම ග්‍රන්ථය ඔබට පුද කරමි.
ආර්නෝල්ඩ් ස්වාසනේගර්, රොනී කොල්මන් වැන්නන්ගේ ආකර්ෂණය මත ගොඩනැගුණු මෙම ක්ෂේත්‍රයට ඇති දැඩි ආශාව එඩ්න්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සම ව්‍යායාම විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී අපාධිය හදාරන සමයේදී මේ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලුණු ආචාර්ය බ්‍රැඩ් ස්කොන්ෆෙල්ඩ්, ජිම් ස්ටෙෆනි වැන්නවුන්ගේ පරැ්යේෂණාත්මක කෘති සහ මේ පිළිබඳව ලියැවුණු පර්යේෂණ පත්‍රිකා නිබන්ධිත කියැවීම තුළින් මෙම විෂයේ විද්‍යාත්මක පසුබිම අධ්‍යනයට මා යොමුවිය. පළමු ග්‍රන්ථයේ මා හට මග හැරුණු ලෝක සහ ශ්‍රී ලාංකික කායවර්ධනයේ ඉතිහාසය සහ විශීෂ්ට ක්‍රීඩකයන් ඇතුළු මාතෘකා සමඟ කායවර්ධනය පිළිබඳව නවීන විද්‍යාත්මක දැනුම මුසු කරමින්, “විද්‍යාත්මක කායවර්ධනය” ලෙස මෙම ග්‍රන්ථය ඔබට පිිළිගන්වමි
Details
ISBN
9789554894051
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review