ඔලේසියා
රුසියානු අධිරාජ්‍යයේ ප්‍රධාන හමුදා අණදෙන මූලස්ථානයට අනුබද්ධිත හමුදා ඇකඩමියට ඇතුළත්වීමට යමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පොලිස් භටයකු දිය පහරකට තල්ලු කිරීම නිසා උසස් හමුදා නිලයක් දැරීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ද පසුව පූජකවරයක් ලැබීමට ගොස් අසාර්ථක වීමෙන් ද රුසියානු සාහිත්‍යයට උසස්ම අන්දමින් ආයාද වූ අලෙක්සාන්දර් ඉවානවිච් කුප්රින් වනාහි සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දිය යුතු ලේඛකයෙක් නොවේ.
සාහිත්‍යයේ සදාතනික තේමාවක් වන ප්‍රේමයේ ඛේදනීය පාර්ශ්වය විචිත්‍රත්වයට පත්කරන, 19 වැනි සියවසේ අන්තිම කෙළවරේදී ලියැවුණු ඔහුගේ 'ඔලේස්‍යා‍් නම් නම් කෙටි නවකතාව, කතුවරයා අතින් මුලින්ම බිහිවූ විශාලතම මෙන්ම ඔහුගේම ප්‍රියතම නිර්මාණයක් ද වෙයි.
එය මුල් රුසියානු බසින්ම සිංහලයට නඟා ලාංකේය පාඨකයා වෙත පිළිගන්වනුයේ සාහිත්‍ය පරිවර්තන කලාවෙහි අද්දැකීම් ලබමින් ඉදිරියෙන් ඉදිරියට පියවර තබන ජානක චමින්ද දුනුසිංහය. 1974 දී බණ්ඩාරවෙළ උපන් දුනුසිංහ, බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ ද ඉක්බිති රුසියාවේ
ස්මොලෙන්ස්කි නුවර රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේද අධ්‍යාපනය ලැබීය. කුඩා කල සිට සංස්කෘතික කටයුතු මෙන්ම සාහිත්‍යය කෙරේද ඉමහත් උනන්දුවක් දැක්වූ දුනුසිංහ ස්මොලෙන්ස්හි ලාංකේය ශිෂ්‍ය සමාජයේ සංස්කෘතික ලේකම්වරයා ද විය. පෙරළා මව්බිමට පැමිණි පසු කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උරුම අධ්‍යයනය හැදෑරූ ඔහු දැන් ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනුයේ රුසියානු භාෂාව පිළිබඳ ඇල්ම ද නිසා ය.
විදේශ භාෂාවනට පෙරළීමට ඉතාම අපහසු ඉවාන් බූනින්ගේ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සිය පරිවර්තන දිව්ය ආරම්භ කළ දුනුසිංහගේ 'ඔලේස්‍යා’ පරිවර්තන ප්‍රයත්නය වනාහි ඔහුගේ පරිවර්තන ජීවිතයේ කඩඉමක් සනිටුහන් කරන්නකි. රුසියානු සාහිත්‍යලෝලී සිංහල පාඨකයා විසින් මෙම යොවුන් රුසියානු යුවතිය, 'ඔලේස්‍යා' උණුසුමින් වැළඳගනු ඇති බව ඒකාන්තය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.