වැලපෙන්නි අවකන්නි
කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය..... රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය......... තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ "ඔල්මොරොන්දම්" නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
පොදු ප්‍රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
ස්ත්‍රීන්ට පිටත ඇවිදීම තහනම්!
එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
රූපලාවණ්‍ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
පිරිමි වෛද්‍යවරයකුට ස්ත්‍රියකගේ සිරුරට අත තැබීම තහනම්!
ස්ත්‍රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
සංගීතයට සවන් දීම තහනම්!
චිත්‍රපට, වීඩියෝ නැරඹීම තහනම්
කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
සරුංගල් යැවීම තහනම්!
මේ ඒවායින් කිහිපයක් පමණි!
ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
වෙන කුමක් කරන්නද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.