සිය පියා කියක දෙස සත්‍යක්දැයි සිතීමට සුදුබණ්ඩා වෙහෙසුණේය. ඔහු කියන පරිදි සියලූ දේ ලබා දෙන්නට දෙවියන්ට හැකි නම් මේ තරම් ආර්ථිකයේ පතුලට තම පවුලත්, ගම්මානයේ සිටින මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුත් වැටෙන්නට දෙවියන් ඉඩදෙන්නේ කුමක් නිසාදැයි වූ ප්‍රශ්නය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පියා කියන හැටියටම සියල්ල කරන්නේ දෙවියන් නම් මේ තාක් ඔවුන් දෙවියන් විෂයෙයෙහි කළ කී දෑ හේතුකොටගෙන වී, ඉරිඟු, කුරහන් ආදියෙන් ඔවුන්නේ ගෙවල් පිරී ඉතිරි යා යුතුව ඇතැයි ඔහුට සිතුණි. අනෙක් අතට කල්පනා කළ ඔහු සිතුවේ පියා කිසිදු බොරුවක් කියා නැති බවය. ඒ කෙසේ වෙතත් පියාට මෙන් දෙවියන් කෙරෙහි භක්තියක් තමා තුළ නැති බව ද ඔහු සිහි කෙළේය. පියා කියන දෙය සත්‍යය වුවද කොහේ හෝ වැරැද්දක් ඇතැයි ඔහුට සිතුණි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.