Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ

වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ

About this book
කේ නිහාල් ද සිල්වා මහතා විසින් රචිත "වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ" නැමැති ග්‍රන්ථය තුළින් ඔහුගේ දිගුකාලීන අත්දැකීම් පාඨකයාට ලබාදීම සඳහා ප්‍රසංශනීය උත්සාහයක නිරත වී ඇත.
වසර 30 කට අධික බැංක ක්‍ෂ්ත්‍රයේ පළපුරුද්ද හා දිගු කාලයක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු කිරීමෙන් උකහාගත් ඔහුගේ දැනුම හා අත්දැකීම් පාඨකයාට කොටස් වෙළඳපොළේ ආයෝජනයේ නිරත වීමේදී විශාල පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එමෙන්ම බැංකුකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මෙහෙයවන ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ද සාර්ථකව සම්පූර්ණ කර ඇත.
ඉතුරුම් තුළින් ආයෝජනයට විතැන් වන සමාජයක් බිහිකිරීමට ශ්‍රී ලංකා සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගන්නා උත්සාහයේ දී ප්‍රධාන බාධකය වී ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය ඉතපෙහළ මට්ටමක පැවතීමයි. එවන් වාතාවරණයක් තුළ කේ. නිහාල් ද සිල්වා මහතා වැනි අත්දැකීම් සහිත ලේඛකයන් විසින රචනා කරනු ලබන මෙවැනි ග්‍රන්ථ විශාල මෙහෙවරක් ඉටුකරනු ඇත.
Details
ISBN
9789555294416
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Buy
    Buy
    Sudharaka ·
Write a review

You're reviewing: වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ

Reviews are published once a member of our team has read them.