Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෙහෙරගල වලව්ව

වෙහෙරගල වලව්ව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පූජාව අවසන් විය.ගතවූයේ නිමේෂයකි.වලව්වේ ප්‍රධාන ගේට්ටුව අසළ වූ නුග ගස මහා හඬක් නගමින් බිම පතිත විය.ඉන් තැතිගත් සියලූ දෙනා දෙව්සත් දෙස බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ය.

හා හා..කලබල වෙන්න එපා කවුරුත්.ඔන්න එහෙම නම් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙහෙරගල වලව්වේ අරක්ගෙන හිටපු ප්‍රේතාත්මය අදින් පස්සේ නෑ..සුදු මැණිකේ බය කරන්න ආයේ කවුරුත් නෑ..මයේ මැණිකේ දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්.

දෙව්සත් ආරාධනාගේ හිස අතගාමින් කීය.

ඒත් දෙව්සත්..

ඇයි සුදු මැණිකේ..

දෙව්සත් කිව්වේ අත්තක් කැඩෙයි කියලානේ..අපරාදේ

ලස්සන නුග ගහ.

ආරාධනා කී ආකාරයට සැමට සිනාව නතරකර ගැනීමට නොහැකි විය.

එහෙම තමා සුදු මැණිකේ ආත්මේ බලවත් නම් ගහක් වුණාත් පෙරලන්න පුළුවන්.. අනේ අනේ සුදු මැණිකේ මෙච්චර දේකින් නිදහස් වුණා දැන් මේ නුග ගහක් ගැන දුක් වෙනවා.

නෙලීෂියා කීවේ කම්මුලේ අතක් තියාගෙන ය.

ඒක නම් ඇත්ත.මොකද සුදු මැණිකේ අර පිච්ච වැල ළඟ නුගේ තියෙන්නේ ඕක නැතිවට..

හරි හරි..දැන් යන් කට්ටිය කාලා බීලා මේ නිදහස සමරන්න.

කේසර කීවේ සිනාවක් සමඟිනි. සැබැවින් ම සියල්ලන් ම උන්නේ සැබෑ ම සතුටකිනි.

ISBN
9786249403888
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෙහෙරගල වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.