විමසුමක අසිරිය
තරු පිරුණු අහසත්, මුහුදේ රළ බිඳෙන හඬත් සැමදෙනෙකුම පාහේ අසා දැක තිබේ. එයින් පසු වැඩිදෙනෙකු කරන්නේ එය ජීවිතයේ තවත් අත්දැකීමක් ලෙස පසෙකලා තමතමන්ගේ කටයුතු වෙත නැවත යොමුවීමයි. එහෙත් එවැන්නක් අත්විඳින සිත්තරෙක් හෝ සංගීතඥයෙක් එතැන මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය තුළ වෙනත් අයෙකු නොදකින අන්දමේ අසිරියක් දකින ඔවුහු, එයින් මනස්කාන්ත සිතුවමක් හෝ මිහිරි සංධ්වනියක් නිර්මාණය කරති.
මේ ආකාරයටම ගහකින් ගෙඩියක් වැටීම, සුළඟක කැලඹීම හෝ තරුවක දිලිසීම වැනි, වෙනත් පුද්ගලයෙකු සාමාන්‍ය දෙයක් ලෙස හැඳින්වීමට ඉඩ ඇති සොබාදහමේ සංසිද්ධි හමුවේ විද්‍යාඥයාද මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය අසිරියක් ලෙස සලකා තවදුරටත් විමසා බලන ඔහුද, සිය විමසීම හරහා ලෝකය වඩා නිරවුල් ලෙස තේරුම් ගත හැකි සංකල්ප පද්ධතියක් බිහිකරයි. කාලාන්තරයක් ඇදීයන අන්දමේ වෙහෙසක් දරා නව සොයාගැනීමක් සිදු කිරීමටත්, විවිධ අධිකාරීත්වයන්ට නතු නොවෙමින් තම සොයාගැනීම් සමාජය වෙත ගෙන යාමටත් ඔහු බල ගන්වන්නේ සිය විමර්ශනයේ අසිරිය විසිනි.
විද්‍යාවේ විවිධ කලාපයන් ඇසුරු කරගත් මෙම කෘතිය ඔබ වෙත ගෙන එන්නේ ඉතිහාසය පුරා ලෝකයේ විවිධ තැන්වල විසූ මිනිසුන් පිරිසකගේ එම තාර්කික විමර්ශනයේ කතාවයි. එසේම එය, කාලයේ සහ අවකාශයේ විවිධ තැන්හි බිහිවූ විද්‍යාත්මක සංකල්ප, ඊට පදනම් වූ චින්තන රාමු සහ යුගයෙන් යුගයට එම සංකල්ප තවදුරටත් වැඩිදියුණු වූ ආකාරය පිළිබඳ කතාවක්ද වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.