Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යක්ෂි

යක්ෂි Hard Bind

About this book

මහාචාර්ය රාජ් සෝමදේව 1986 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගත්තේය. 1994 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන් ම පුරාවිද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය ලබාගත් ඔහු 2006 වසරේදී ස්විඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයෙන් පුරාවිද්‍යාව පිළිබඳ දර්ශනශූරී උපාධිය දිනාගත්තේ ය. එම උපාධිය සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ ‘Urban Origins in Southern Sri Lanka’ නමැති පර්යේෂණ කෘතිය එම විශ්වවිද්‍යාලයේ ලෝක පුරාවිද්‍යාව පිළිබඳ ග්‍රන්ථ මාලාවේ අංක 7 දරණ වෙළුම ලෙස ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාවේ පර්වත සිතුවම් හා ආලේඛ්‍ය සටහන් අළලා ඔහු විසින් රචනා කළ ‘Rock Paintings and Engraving sites in Sri Lanka’ මැයෙන් වූ පර්යේෂණ කෘතියට 2013 වසරේ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ශාස්ත්‍රීය කෘතියට හිමිවන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමිණි. පර්වත චිත්‍ර පිළිබඳ ලෝක මට්ටමේ දත්ත බැංකුවක් පවත්වාගෙන යන ඇමරිකානු සංවිධානයක් වන බ්‍රැ පදනම මගින් එම අධ්‍යයනය ඔවුන්ගේ අන්තර්ජාල වැඩසටහන ඇතුළත් කර තිබේ. වෝහාරික පුරාවිද්‍යාව පිළිබද ශ්‍රී ලංකාවේ ප්‍රථම පර්යේෂණ මෙහෙයවන ලද්දේ ඔහු විසිනි. ඔහු විසින් ප්‍රකාශට පත්කොට ඇති පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සියය ඉක්මවයි. මේ වන විට ඔහු විසින් පල කර ඇති කෘති සංඛ්‍යාව 16 කි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කිහිපයක ඔහු උපදේශක පුරාවිද්‍යාඥයකු ලෙස කටයුතු කර තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයේ චාල්ස් වොලස් විද්වතෙකි. ඔහු දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ‍ජ්‍යෙෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන අතර සංචාරක අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

 

ISBN
9789559713481
පිටු ගණන (Pages)
514
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
යක්ෂි
This book යක්ෂි රාජ් සෝමදේව
රු. 5,000.00
ගිරිරජ රාජ් සෝමදේව
රු. 5,500.00
2 books selected
රු. 10,500.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යක්ෂි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.