යාරා යාත්‍රික
යාරා යාත්‍රික ඔස්ට්‍රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවූ ශ්‍රී ලාංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජීවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජීවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේ භ්‍රමණ වෘතාන්තයක් සේ මෙම නවකතාව ගෙත්තම් කොට තිබේ. ඔවුන්ගේ අතීත ජීවිත ස්මරණය හා වර්තමානයේ ආගන්තුක දේශයකදී ඔවුන්ගේ ජීවිත පිරිපත මෙම භ්‍රමණ වෘතාන්තයේ න්‍යෂ්ටිය සකස් කරයි.
ඔස්ට්‍රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට්‍රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබොරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා සුදු ජාතිකයන් අතර වූ ගැටුම, ඔස්ට්‍රේලියාවේ රන් උමතුව හා "සොරාගත් පරම්පරාවක” තතු විදහා දක්වන එය, ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය, සංස්කෘතිය, කලාව, චිත්‍රශිල්පය හා “ඩ්‍රීම්ටයිම්” නම් අධ්‍යාත්මය වෙනුවෙන් කරන උත්සර්ගයක්ද වේ. වික්ටෝරියාවේ කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික කේන්ද්‍ර, පුස්තකාල හා ඇබොරිජින්වරුන්ගේ පූජ්‍යස්ථාන සොයා යන යාරා යාත්‍රික සංස්කෘතික චාරිකාවක්ද වේ.
කතුවරයා ඔස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා සමාජ සසඳා ඇත්තේ ඔහුටම ආවේණික වූ දේශපාලන උපහාසය මතු කරමිනි. අති විශිෂ්ට ලෙස භාෂාව හසුරුවා ඇති යාරා යාත්‍රික, සිංහල නවකතාවට නව ආඛ්‍යාන රටා හඳුන්වා දෙමින්, නව විෂයපථ කරා නවකතාව ගෙන යන කතුවරයාගේ තවත් අසාමාන්‍ය වූ සම්ප්‍රදානයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.