Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ

යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ

About this book

පසුගිය සියවස තුළ, සෑම ආගමක් ම එක ය, යන මතයක් බොහෝ තැන කියැවෙමින් තිබේ. යේසුස් වහන්සේගේ සහ බුදුරදුන්ගේ ඉගැන්වීම් සත්‍යයේ වෙනස් අනුවාදයන් පමණක්ය යන බවක් කියැවෙන පොත් රාශියක් බිහිව තිබෙන්නේත් මෙනිසාය. මෙය සැබෑවක් ද, නැතහොත්, කරුණු මතු පිටින් පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ද? එසේත් නොමැති නම්, අන්තර්-ආගමික අවබෝධය දිරිගැන්වීමට අව්‍යාජ නමුත්, නොමග යැවුණ ප්‍රයත්නයක් ද? මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ, බයිබලයෙන් තහවුරු කෙරෙන යේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් සමග විනය සූත්‍ර පිටකයන්හි දක්නට ලැබෙන බුදුරදුන් සහ උන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ තොරතුරු ගැඹුරින් සැසඳීමකි. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ, ඒ මහා ආධ්‍යාත්මික චරිත දෙක පිළිබඳ ව අප දක්නා ගතානුගතික චිත්‍රවලට වඩා බෙහෙවින් වෙනස් ඒවා දක්නට ලැබීම වන අතර, කිතුණු දහම සහ බුදුදහම එකිනෙකට අනුකූල ද යන පැනයට ද බොහෝ පාඨකයින් පුදුමයට පත් කරවිය හැකි ආකාරයේ පිළිතුරක් ලැබීම ය.

ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන් උපතින් කිතුණුවෙකි. ඉන් දශක දෙකකට පසුව බුදුදහම ගැන උනන්දු වී තිබෙන උන් වහන්සේ, පැව්දි වෙති. දහම් දැනුම අතින් මෙම අපූරු ග්‍රන්ථය සම්පාදනය කිරීමට තරම් සුදුසු තැනකට පැමිණ තිඛෙන උන් වහන්සේ, බුදුදහම සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ ජනප්‍රිය කථිකයෙකු මෙන් ම, දක්ෂ ලේඛකයෙකි. ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවෙහි 40ස් වසරක් ගතකර තිබෙන උන් වහන්සේ, දැන් ඕස්ට්‍රේලියාවේ තම මුල් නිවසෙහි විශ්‍රාමිකව වැඩ හිඳිති.

ISBN
9786246708450
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.