යුද බල්ලෝ
ඉතා දුර බැහැර, නන්නාඳුනනා ප්‍රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත පිත් නැති කූට ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක්‍රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි.
එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි........ හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ පිට හැර් ඇති බවයි. බලය තමන් අතට පැමිණ නැති බව ඔහු පසක් කර ගන්නේ වේදිකාවේ තිරය වැසී යාමෙන් ද පසුව ය.
ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක් නිර්මාණයකි. ෆෝසයිත් මෙම කෘතිය සිංහලට නගන ලද්දේ ෆ්‍රෙඩ්රික් ගේ තවත් කෘති රැසක් සිංහලට පරිවර්තනය කළ ප්‍රවීණ පරිවර්තක, නැසී ගිය අභය හේවාවසම් සූරීන් විසිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.