යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව
වසර 34 ක ඊලාම් ත්‍රස්තවාදය මාතෘභූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වූ ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙලාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැඟී සිටිම සඳහා විශාල කැපකිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදුවිය. මේ අතරින් රණවිරුවන් කළ කැපකිරීම් කියා නිමකළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්‍රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවුබිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජීවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානී පැතුමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.