යුදබිමක වෙද මහිම
About this book
කූඩුවේ දොර සෙමින් ඇරිණ.එහි වෙන කිසිවෙක් නොවුවේ ය."ඩොක්ටර්, යන්න ඇතුලට..
ෆෝන් පර්ස් ඔක්කොම භාර දෙන්න ..."
දොර එක අතකින් ඇරගත් පොලිස් නිලධාරියා අනික් අතින් මට සිර කුටිය පෙන්වුවේ ය.මා එහි ඇතුලු වුයේ නව අත්දැකීමක් විඳින ත්‍රාසය මුසු හැගීමකිනි."මිලිටරි පොලිසියෙන් එනකං ඔහොම තමයි."එසේ කියු පොලිස් නිලධාරියා මාංචු කුට්ටමද ගලවං ඈතින් වූ මේසයේ වාඩි වූයේ ය.
සර් තව ටිකයි ගේම අපි මේක දිනනවා මගේ දරුවන්ට මෙම යුද්ධයක් එක්ක රට බාර දෙන්නේ නෑ
" සර් තව ටිකයි ගේම... අපි මේක දිනනවා.මගේ දරුවන්ට මම යුද්ධයක් එක්ක රට බාර දෙන්නෑ...
සර් මාව පස්සට යවන්න එපා තුවාලෙට බෙහෙත් දාලා මෙතනම තියාගන්න ..මේ වෙලාවේ දාලා යන්න බෑ.."
-සැඟවුණු වෙඩික්කාර නීරෝ
Details
ISBN
9789557283210
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
Balanced, real. A civilian view. Highly recommended.This book makes you realize ( if you already did not know, or had forgotten) under what extreme circumstances the war was fought and won. Its the experiences of a civilian in the thick of the war...so it gives a perspective that we as civilians can relate to. It is in turns moving, scary, shocking, funny, informative...more than anything else, it is balanced. It has a chapter each dedicated to Sarath Fonseka and Mahinda and Gotabhya. Both chapters bring out their dedication to end the war and bring peace to our country. it takes zero political sides.
Its a book that not just adults but children can read, or adults can read and relate to children as stories of human guts and heroes of our times.
-
criticsයුද බිමක වෙද මහිම ............
පැතුම් කර්නර්
පොත කියවා හමාර කරෙමි .එක හුස්මට කියවගෙන ගොස් හමාර කර, පසුව දෙවැනි වර නැවත හෙමින් කියවීම මාගේ ක්‍රමවේදයයි .යුද බිමක වෙද මහිම පොත පිලිබදව අදහසක් ලියා දැක්විය යුතු යැයි මේ පොත කියවීමෙන් පසුව සිතට දැනුනු නිසා මෙසේ ලියා දක්වමි
1970 දශකයේ දින වකවානු නොමැති වුවද ,ඊටත් පෙර සිටම ත්‍රස්තවාදයේ ගිනි පුපුරු අළු යට සැගවෙමින් පැවතුන බව පෙනී යයි..මෙසේ ඇරබුන අග්නි ජාලා වන් මේ සිරිලකට කල විනාශය ගණනය කල නොහැකි තරම්ය.මෙසේ කා කොටා ගත්තේ ඉංග්‍රීසින්ගෙන් අප රටට නිදහස ලබා ගැනීම සදහා ජාති ආගම් බේදයෙන් තොරව කටයුතු කරන ලද එකම ශ්‍රී ලාංකිකයන් මය .ඔවුන්ගේ පරම්පරාවන්ගේ ඊලග පුරුක්ය .මෙවැනි පසුබිමක හතර වන ඊලාම් යුද්ධයේ වෙදදුරකුගේ අත්දැකීම් පදනම්ව , දේශප්‍රේමය එන්නත් කරනු පිණිස ලියවුන 'යුදබිමක වෙද මහිම ' නැවත යුද ඉතිහාසයේ එක්තරා ගවේෂණයක් ලෙස පෙන්වා දිය හැකිය .
කතුවරයා තම පෙරවදන තුල මෙසේ සදහන් කරයි........
"....මෙම ඉතිහාසය අප අනාගත පරපුර දැනගත යුත්තේය ....ඒවා අනාගත පරපුරට දැක ඉගෙන ගැනීමට පොත පත ඇති කල යුත්තේය ..."
සැබවින්ම 1945 දෙවන ලෝක යුද්ධය අවසන්ව ගිය පසු ඒ ඒ රටවල යුධ සාහිත්‍යයන් ගොඩ නැගුණි .අද අපට කියවන්නට ,රස විදින්නට පොත් පත් ඉතිරි වී ඇත්තේ එදා ගොඩ නැගුන සාහිත්‍ය පොත්වල ට පින් සිදුවන්නටය.ශ්‍රී ලංකා යුධ ඉතිහාසය තුල ලියවී ඇති පොත් පත් සුලබ නොවේ ..එම නිසා කතුවරයාගේ දැක්ම අගය කල යුතුය .මන්ද ඉතිහාසය නොදකින රටක අනාගතය අබ්බගාතයෙක් වන නිසාවෙනි .එම නිසා මේ හරහා අනාගතයේ යමෙකුට අබිමානවත් ඉතිහාසයකට යා කර ගැනීමට අවශ්‍ය හිනිමගක් ලෙස මෙම කෘතිය පෙන්වා දීමට කැමතිය
සැබවින්ම යුධ මෙහෙයුම් බුමිකාවන් සම්බන්දව පොත් පත් රාශියක් ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ ලියවී ඇත ."යුද බිමක වෙද මහිම" කෘතිය තුල මා දකින්නා වූ විශේෂත්වයක් වන්නේ මෙහෙයුම් භූමිකාව ගලා යාමට සලස්වා ඒ තුලට වෛද්‍යමය කෝණයකින් අර්ථ නිරුපනය කිරීමයි .යුද්ධයේ වීරයා ලේ පෙරන විට එහි පසුබිමේ එම වීරයාගේ ජීවිතය බේරා ගැනීමට උර දෙන වෛද්‍ය බුමිකාවේ අප්‍රහතික උත්සාහයේ අපුර්වත්වය උද්දීපනය කිරීමට කතුවරයා සමත්ව ඇත .පුනරීන් ඇල්ලීමේ යුධ හමුදා විශේෂ බලකා ක්‍රියාකාරිත්වය මොනවට උද්දීපනය කිරීමට වෛද්‍ය නිලධාරියකු සමත් වී තිබේ.යුධ හමුදා විශේෂ බලකා භ ටයින් තම තුවාලය තිබියදී නැවත යුධ පිටියට යෑම
"....සර් ,අපි එහෙනම් අයෙත් යන්නද ? ඉවර කරලම එන්නම් ..."
විශේෂ බලකා සෙබළු පස් දෙනෙකුගේ මිය යාමේදී "...ආසන්නයේ වූ පොල් ගස් දෙකක් යට ඉටි කොලයක් උඩ සිරුරු 5ම දිගහැර ..තිබුනේ.."
ලෙස වෛද්‍ය නිලධාරියෙකුගේ හැගීම් එලි දක්වන විටදීම කතුවරයා ඊට මෙසේද එක් කරයි .
"....කෙතරම් ඝන වුවද විශේෂ බලකා සෙබලාගේද ඒ දැඩි වූ සිරුරට ඇතුලෙන් හදවතක් වූයේය .කොප්‍රල් ජයරත්න කාටත් හොරෙන් කදුළු පිහිදනු දුටි මි...."
මේවා චිත්‍රපට ජවනිකා නොව ශ්‍රී ලාංකික යුධ විරුවන්ගේ දේශප්‍රේමයේ රුධිර එන්නත් බව කතුවරයාගේ කෘතිය තුලින් අනාගත පරපුර ට යම් දිනෙක ඒත්තු ගැන්වෙනු නොඅනුමානය .
යුධ බිම තුල ලැබෙන විරාමය තුල වුවද මරණය හමුවේ විනෝදව සිටින යුධ බිම් ගත විරුවන්ගේ ජීවිතය චිත්‍රණයේදී ....අති විශිෂ්ඨ ලෙස නොවුවත් , විශිෂ්ඨ ලෙස රචනයට යොමු වීමක් දැක ගත හැකිය .රණවිරුවන් යුධ බිමේදී හලන ලේ බිදු වලට පසුව ඔවුන්ව බේරා ගැනීමට ස්ව කැමැත්තෙන් කටයුතු කරන ලද ,නිහඩ විශේෂ දැනුමැති පුද්ගලයන් සම්මාන නොලැබුනද මෙහෙවර උසස් මට්ටමෙන් රචනා කිරීමට කතුවරයා සමත්කම් පා ඇත .
රණවිරුවා යනු රණවිරුවාමය..ඔවුන් දේශපාලන කෝණ වලින් මැනීමේ ක්‍රම වේදය කතුවරයාගේ කනගාටුවට හේතු වී ඇත .සැබවින්ම එය ඉතා ඛේදජනක තත්වයකි.අවසනට ඔහු මෙසේ සදහන් කර ඇත.
".....මෙම ග්‍රන්ථයට කිසිදු දේශපාලනික හෝ පාක්ෂික අරමුණක් නැත්තේය.මෙය නිර්පාක්ෂිකය.එබැවින් දේශපාලනයේ කුනුගොඩට මෙය ඇද නොදමා යුධ සාහිත්‍යයේ වෛද්‍යවරයකුගේ අත්දැකීම් මත ලියවුන ග්‍රන්ථයක් ලෙස අනාගත පරපුරට උරුම කර දෙන මෙන් සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි...."
සැබවින්ම එය එසේමය .ඔබේ උත්සාහය සාර්ථකය .අවසනට කතුවරයාගේ ම සටහනකින් අවසන් කරනු කැමැත්තෙමි
".....මේ දරුවෝ දෙදෙනාම මේ රටේ බිහි වී එකම වාතය ආශ්වාස කර මේ පොලාවේම හැදෙන බත කා ජීවත් වන තරුණයෝය ...."
------------- පාලිත බණ්ඩාර විජේබාහු ============
Write a review