Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / යුගකාරක යතිවරු

යුගකාරක යතිවරු

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

‘අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ට කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වල් නුවූහ.’

එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසූ ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.

කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශേഖර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, පැලෑණේ ශ්‍රී වජිරඤාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතුලගම ශ්‍රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොල රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ.

ISBN
9789550822454
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යුගකාරක යතිවරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.