නිවන් මග අභියස
ආරණ්‍යයේ නම, ගම හෝ සේයාරූ හෝ පළ නොකර නිවන් මගට අවැසි දහම් කාරණා පමණක් ම මෙහි පළ වන්නේ උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ය.
පටු වාසි, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර කිසිවකට නොඇලී අප්‍රකටව හුදකලා සරල පැවිදි දිවියක් ගෙවන මේ වනවාසී හිමියෝ සාමිස සතුට වෙනුවට නිරාමිස සුවය පතා නිරතුරුවම බවුන් වඩති.
ජීවිතයේ බොහෝ දේ අතහැර ඇති උන්වහන්සේ තුළ ඇලීම් අඩුවකමින් ගැටීම් ද නැති සේ ය. මේ දහම් පොත එළිදකින මොහොත වනවිට උන්වහන්සේ කුමන පෙදෙසක, කවර මගඵලයක සිටිද්දැයි අපි නොදනිත්, නිසැකව ම 'නිවන' නම් වූ පරම අරමුණට ම කැප වී සිටින බව නම් දනිමු.
එසේම, මේ ලිපි ජනප්‍රිය වූ පසු ද උන්වහන්සේ තිර ලෙස ම කරළියට නොවැඩින බව ද නොඅනුමාන ය. නැතිනම් ඉමහත් ජනාදරයට පාත්‍රවෙමින් තිබූ මෙම ලිපි මාලාව තවත් දීර්ඝ වන්නට ඉඩ තිබුණි.
එහෙත්, යළිත් කෙදිනක හෝ උන්වහන්සේ බැහැදැක සාකච්ඡා කිරීමට තවත් අවස්ථාවක් උදාවුවහොත් එම වටිනා දහම් කාරණා ද මෙලෙසින් ඔබ වෙත තිළිණ කිරීමේ නොහිමි අදිටනින් යුතුව අපි 'නිවන් මග අභියස' බලා හිඳිමු.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.