Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / අභියාචනා නීති අත්පොත

අභියාචනා නීති අත්පොත

ප්‍රවර්ග (Genre): නීතිය
About this book
අභියාචනා නීතී අත්පොත අභීයාචනා නීති අත්පොත නම් වූ මෙම ග්‍රන්ථයට සිවිල් හා අපරාධ නීතී ක්ෂේත්‍රයන්හි අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීම්වලට අදාළ අත්‍යවශ්‍ය නීතී රීති හා නඩු තීන්දු රැසක් ඇතුළත් කර ඇත. බොහෝ දෙනෙකු මුහුණ පා සිටින කාලීන අවශ්‍යතාවයන් පදනම් කර ගෙන මේ පොත එළි දැක්වෙයි. මෙරට වැඩි පිරිසක් කුමක් හෝ නඩු කටයුත්තක පැටළී පිළිසරණ සොයමින් සිටිති. බොහෝ විට එය බෙදුම් නඩුවකි. නැතිනම් ඉඩම් ආරවුලකි. එසේත් නැතිනම් කිනම් හෝ නඩු කටයුත්තකි. නඩුවක් පරාජයට පත් වූ කළ පළමුව කළ යුත්තේ පරාජය පිළිගෙන පසෙකට වීම නොවේ. එම නඩුව සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ප්‍රතිකර්ම කවරේද යන්න සොයා බැලීමයි. නඩු තීන්දුවෙහි නැතහොත් ආඥාවෙහි දෝෂ සහගත තැන් පෙනේ නම් අභියාචනා හෝ ප්‍රතිශෝධන ඉල්ලීම් ඉදිරිපත් කිරීම වඩාත්ම නුවණට හුරුය. සිවිල් හා අපරාධ ක්ෂේත්‍රයට ඇතුළත් වන නඩු වර්ග විශාල සංඛ්‍යාවකට අදාළ අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටින්ද එබඳු ඉල්ලීම් විනාශ කර තීරණය කරන ආකාරයද මෙම කෘතියෙහි හැකිතාක් සරළ ලෙස හා විස්තරාත්මකව ඉදිරිපත්ව කර ඇත. මේ අනුව අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වෙන මෙම කෘතිය නීතිඥවරුන්ට, නීති ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය පොදු ජනතාවට ද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.
ISBN
9789558786437
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභියාචනා නීති අත්පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.