අභියෝගයක ඉරණම
THE WILD BUNCH
අභියෝගයක ඉරණම
එස්. චන්ද්‍රසිරි දසනායක
වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත්‍රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහි ව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ.
මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ ‘වයිල්ඩ් බන්ච්’ යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොට ගත් මොවුහු ටෙක්සාසය අමුසොහොනක් බවට පත් කළහ.
මෙම කල්ලිය මෙහෙයවූ නායකයා අතිදක්‍ෂ තැනැත්තෙකු වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පාවිරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය.
ඩීක් තෝන්ටන් 'වයිල්ඩ් බන්ච්' කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප්‍රතිඥා ඝාතකයෙක් නොවේ. කල්ලිය විනාශ නොකළහොත්, යළි මිහිපිට අපාය වූ යුමා බන්ධනාගාරයෙන් ඔහුට බේරීමක් නැත. ඔහු ටෙක්සාසයේ සිට මැක්සිකෝව දක්වා මිනිස් දඩයක්කරුවන් පිරිසක් සමඟ වයිල්ඩ් බන්චි කල්ලිය හඹා එන්නේ වෘක දඩයමක නිරත වන ගිජුළිහිණියන් මෙනි.
එය පයික් බිෂොප් ගේ හා ඔහු ගේ කණ්ඩායමේ බිහිසුණු ගමනේ කෙළවරේ ආරම්භයයි. අවසානයේ ඔවුහු මිතුරන් හා සතුරන් වෙනුවෙන් සටන් කොට මිය ගිය අන්දම, රක්ත වර්ණ රුධිරයෙන් ලියැවී ඉතිහාසයට එක් වෙයි.
‘වයිල්ඩ් බන්ච්’ ඉතාලියේ ඩොලර් චිත්‍රපටවලට අභියෝග කරමින් නිෂ්පාදය වූ ඇමරිකාන ගොපළු චිත්‍රපටයට පාදක වූ කථාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.