Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදිපාදවරයා සහ මම

ආදිපාදවරයා සහ මම

About this book

නෛතිකලකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළපාලි වයසේ දී ම වංශවත් පවුල්වල දැරියන්ට අල්වරයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එහෙත් ම ඉහළ පන්තියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඩඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි... ඒත් එතරම්ම සුහද විය යුතු නැත.

ඒ දෙවැන්න කරන්නට ඩැෆ්නි බ්‍රිජර්ටන් කිසිදාක සමත් වූයේ නැත. ඉතා සමීප ලෙසින් එකිනෙකා ආශ්‍රය කරන අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියා වූ ඇය ලන්ඩනයේ විවාහයට වඩාත් ම සුදුසු තරුණයන් සමඟ මිතු දම් ඇති කරගත්තා ය. ඇය ගේ දයාන්විත හෘදයාව සහ තීක්ෂණ භාෂණය සියල්ලන් විසින් ම ප්‍රිය කළහ. ඒත් කිසිවෙක් ඇයට සැබෑ ලාලසාවක් දැක්වූයේ නැත. වචනනක් දැක්වීමට නොහැකි ආකාරයකින්, තරුණ මහත්වරුන් ගේ සිත් අල්ලා ගන්නට කරන රොමෑන්තික වූ මායම් පෑමට ඇති අකමැත්ත හෙයින් ඇය සරලව ම අවංක වූවා ය.

හේස්ටිංග්ස් හි ආදිපාදවරයා වූ සයිමන් බැසට් සුහදත්වය යන හැඳියාව හුරු කරගත්තෙක් නොවූයේ ය. විදේශ සංචාරයෙන් පසුව මෑතක දී එංගලන්තයට ආපසු පැමිණ සිටින ඔහු සමාජයත් විවාහයත් යන දෙක ම අත් හැර සිටින්නට තීරණය කරන ලද්දෙකි. ඒ ඔහු ගේ දුක්බර ළමා කාලයේ දී ඔහු ගේ පියා ඔහුව අත්හැර දමා සිටින ලද ලෙසින්ම යි. එහෙත්, ඔහු ගේ හොඳම යාළුවා ගේ නැගණිය හමුවීමෙන් ඔහුට තවත් තෝරා ගැනීමක් ලැබී ඇත. ඔවුන් දෙදෙනා විවාහයක් වෙනුවෙන් ඇසුරු කරනවා යැයි සමාජයට බොරුවට පෙන්වන්නට ඩැෆ්නි කැමති වෙනවා නම්, විවාහයට සුදුසු යැයි කියමින් තම දියණියන් ඔහු ඉදිරියට තල්ලු කරන මවුවරුන්ගෙන් ගැලවී ඉන්නට සයිමන්ට හැකියි. ඒ අතරතුරේ දී ඩැෆ්නිගේ විවාහ යෝජනා වැඩි වීමෙන් ඇය ගේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත.

ඒ සැලැස්ම අකුරට ම වැඩ කරන ලද්දේ ය. පටන් ගැන්මේ දී. එහෙත් ලන්ඩන් වංශවතුන් ගේ බැබළෙන, ඕපාදූප පිරුණු, බෙලි කපන, ලෝකයේ වූයේ එකම එක නිශ්චිත බවක් පමණකි. එනම්, ආදරය විසින් සියලු රීති අත් හැර දමන බව පමණකි...

ISBN
9786245519378
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදිපාදවරයා සහ මම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.