Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඳුරුම අඳුරු රැය

අඳුරුම අඳුරු රැය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලංකා ඉතිහාසයේ 1971 දී හා 1989 දී සිදු වූ තරුණ නැඟිටීම් දෙකේදීම දහස් ගණනක් තරුණ ජීවිත විනාශයට පත්විය. එසේ දිවි පිදු බොහෝ දෙනෙක්, යම්කිසි දැන උගත්කමක් තිබූ සමාජ අසාධාරණය මැනවින් අවබෝධ කරගත් ගැමි තරුණයන්ය. මේ කිසිත් නොදැන මරණයට පත්වූ කොටසක් ද වූහ. තම දේශපාලන කියවීම හා අරමුණු අතර විවිධ පරස්පරයන් තිබුණේ වුවද ඔවුන් මත පැටවුණු මර්දනයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය. එවකට එල්ල වූ දරුණු භීෂණයෙන් බේරීමට අවි අතට ගතයුතුම විය. පැවති රජය එය හරි අපූරුවට, ඔවුන් වෙතම ඔවුන්ගේ ක්‍රියාවන් ඒ ආකාරයෙන්ම මුදා හැරියේය. කැරලිකරුවන්, ආරක්ෂක හමුදාවන් සහ අසරණ සාමාන්‍ය ජනතාව අන්ද මන්ද වුහ. එකිනෙකා තුළ තමන් ළඟම සිටි අනෙකා කෙරෙහි සැක සංකා හා අවිශ්වාසය දළු ලෑවේය. රටම දෙදරා ජීවිත ඉරිතලා ගියේය. නැවත නැගිටිය නොහැකි වන සේ ජන සමාජය, දේශපාලන වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත් පිරිහුණි. ඒ අනුන්ගේ උවමනා හා අරමුණු කරා තල්ලු වී ගිය හෙයිනි.

එසේ අනුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් විපතට පත්වූ අයගේ කතාවයි මේ අඳුරුම අඳුරු රැය. ඒ රැය තවම නොගෙවී තියන බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත. මෙම ලේඛකයා 89 කැරැල්ලට සජීවී ලෙස මැදිහත් වී යන්තම්න් දිවි ගලවා ගත්තෙකි. ඔහු ලද අත්දැකීම් සහ සිය සගයන්ගේ ක්‍රියාකාරකම් මේ කතාවට පාදක වෙයි. ඔහු සිය සගයන්ගේ මරණ සියැසින් දුටුවෙකි. එහෙයින් මේ කතාවේදී එදා ඔවුන් අත්විඳි වේදනාව නැවත අත්විඳින්නට ඔබට සිදුවන අතර ඔබ දන්නා කියන බොහෝ දෙනෙක් නැවත හමුවීම වැළැක්විය නොහැක.

ISBN
9786242042312
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඳුරුම අඳුරු රැය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.