Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අකාල පරිණත

අකාල පරිණත

About this book

අකාල පරිණත

මහින්ද විමලසේන

ජාතියක ඉදිරි ගමන එකී ජාතියේ සාහිත්‍ය නිර්මාණයන්හි සාර්ථකත්වය සහ නිර්මාණාත්මක භාවය සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පවතින්නකි. රකී සාහිත්‍ය නිර්මාණ අතර අතීතයේ නිර්මාණය වූ ද අනාගතයේ නිර්මාණය වන්නා වූද නවකතා මගින් කෙරෙන්නේ, කෙරිය යුත්තේ පුළුල් සමාජ සහ සමාජගත චරිතයන් විවරණය කොට කිසියම් යහපත් පණිවිඩයක් සමාජයට ලබාදීමයි.

මහින්ද විමලසේනගේ අකාල පරිණත නව කතාව මගින් වර්තමාන සමාජයේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ විශේෂයෙන්ම බාලිකාවන් මුහුණ දෙන සමාජ ගැටළු රැසක් විවරණය කර ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන් ද පාසල් පද්ධතිය ද සක්‍රිය මිනිස් චරිත බවට පත් කරවමිනි. නූතන තාක්ෂණ සහ විද්‍යාත්මක දියුණුවේ අපභාවිතය පාසල් ශිෂ්‍ය ප්‍රජාව නොමඟ යවන ආකාරයත් ඒ අපභාවිත නවතා ළමුන් යහමගට ගැනීමට ක්‍රියාකරන 'වසුන්දරා මිස්' වැනි චරිත තව තවත් බිහිවිය යුතු කාලයක් එළඹ ඇති බව මගේ අදහසයි. එසේම බුදු දහමේ එන, 

'යාදිසං වපතේ බීජං 

තාදිසං හරතේ ඵලං'

යනු වපුරන්නේ යම් බීජයක් ද මිනිසා එයින්ම අස්වැන්න ලබාගනී යන ප්‍රායෝගික ධර්මතාවය ද මෙම නවකතාව මගින් විවරණය කර ඇත. මවකගේ විදෙස් ගතවීම පවුල් සංස්ථාවක ඛේදවාචකයක ආරම්භය බව ද කතුවරයා දක්වයි. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාවන් දෙමාපිය ගුරුවරුනුත් කියවා අර්ථ සැපයිය යුතු කාලීන වැදගත් කමකින් යුතු නවකතාවක් මෙම අකාල පරිණත නවකතාව අගය කළ හැකිය. කතුවරයාගේ ලේඛන දිවියට ද මෙහිදී ම සුබ පතන්නෙමි. 

කාව්‍ය විශාරද 

අලවතුරේ විජිත අභයවික්‍රම 

ISBN
9789555519540
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අකාල පරිණත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.