ඇලන් ක්වාටර්මේන්
About this book
ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි, ගුඩ් සහ අස්ලෝපොගාස් සමඟ එක් ව, සුදු මින්සුන් වෙසෙන සු-වෙන්ඩි දේශය සොයා යන චාරිකාවක් ගැන කියවෙන, වික්‍රමාන්විත සිද්ධීන්ගෙන් හා ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ නවකතාවකි.
නිවුන් රැජිනියන් විසින් පාලනය කරනු ලබන සු-වෙන්ඩි දේශයේ දී, සූර්ය දෙවොලේ පූජකවරු, ඔවුන්ට එරෙහි ව නැඟී සිටිති. රැජිනියන් දෙ දෙනා ම සර් හෙන්රිට ආදරය කරන්නට වීම නිසා ඇති වන්නේ, සු-වෙන්ඩි දේශය රුධිරයෙන් නැහැවී යන මහා සංග්‍රාමයකි.
සම්පූර්ණ යි! අසංක්‍ෂිප්ත යි!
Details
ISBN
9786245710614
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුචන්දන මෙන්ඩිස් මහතාගේ සංශිප්ත පරිවර්තනය කුඩා කල කියවීමෙන් ඇති වූ කැමැත්ත නිසා සම්පූර්ණ පරිවර්තනය කියවීමේ අරමුණින් මිලදී ගත්තෙමි. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු කඩවීමකි. ඇතැම්වාක්‍යවල මුල මැද අග සම්බන්ධයක් නොමැත. ඇතැම් වාක්‍ය කණ්ඩවල කිසිම අර්ථයක් ජනිත නොකරයි. ආයාසයෙන් කියවිය යුතු තැන් බොහෝය. අත්පිටපත නැවත කියවා දෝෂ නිරාකරණය කර ඇති බවක් නොපෙනේ. මුලින් සංශිප්ත පරිවර්තනය කියවා ඇති නිසා ආයාසයෙන් කතාව කියවා තේරුම් ගතිමි. කතාව ගැන මුලින් කිසිත් නොදන්නෙකුට අප්‍රභංශයක්ම වනු ඇත. පරිවර්තනය අසාර්ථකයි.
Write a review