ආලෝකයේ සමිඳාණෝ
ධ්‍රැවීය කලාපයේ, කෘත්‍රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ''දෙව්ලොව'' නම් ජනාවාසයකි. දිව්‍ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත්‍යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ ‛සම’ නම් තැනැත්තාය.
හෙතෙම දෙලොවේ ආධිපත්‍යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් 'අධිවේගකාරි සංකල්පය’ යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ.
එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, ‛රැය’ නම් දේවතාවියගේ ආරාමයේ සිදුවන අධි තාක්ෂණික ක්‍රියාන්විතය කුමක්ද? එය සිදුකරන්නේ කවුරුන්ද? ඒ කුමන කරුණක් අරබයාද? දෙව්ලොවට හා මිනිස් සංහතියට එහි ඇති බලපෑම කුමක්ද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.