Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අමුතු ඉලන්දාරියා

අමුතු ඉලන්දාරියා

About this book

කොළඹ ජීවත්වන්නා වූ කාසිකර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ අර්ජි බැහැරියකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමග ක්‍රිකට් ගැසීමට වඩා ගැහැනියක් සේ වෙස් වලාගෙන ක්‍රීඩා කිිරීමට හෝ කැමැති ය. ස්වකීය සාමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නා වු සමාජයේ ජාතිවාදය සමග අරගල කරන අර්ජිගේ ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස අපි හැරෙමු. ශ්‍රී ලංකාවේ උතුරු පථයෙහි රජයේ හමුදා සහ දෙමළ කොටීන් අතර යුද්ධයක් වර්ධනය වෙද්දී, තැන් තැන්වල ඇති වු වදහිංසාකාරී ක්‍රියා පසු ව ඔවුන්ගේ පවුලේ සුවපහසුදායී ජීවන රටාව කෙරේ ද බල පාන්නා වූ ආන්දෝලනාත්මක කලකෝලාහල ජාලාවක් බවට පත් ව අවසානයේ දී ශෝකාන්තයක් බවට පරිවර්තනය වෙයි.

ස්වකීය ජීවිතය හා දේශපාලනය සංකලනය කරමින් නිරවුල් ව හා සුමට ව ලියා ඇති අමුතු ඉලන්දාරියා තුළින් මනුෂ්‍ය සන්තානය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇත්තා වු තරුණ ලේඛකයකුගේ ආගමනය පෙන්නුම් කරයි. 1965 කොළඹදී උපන් ෂ්‍යාම් සෙල්වදොරයෙි , 1983 කළු ජුලියෙන් පසු ව සිය පවුලේ අය සමග ලංකාව අතහැර කැනඩාවට සංක්‍රමණය ව දැන් ටොරොන්ටෝ නගරයේ ජීවත් වෙයි.

Details
ISBN
9789555732132
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අමුතු ඉලන්දාරියා

Reviews are published once a member of our team has read them.