Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අනගි සිලිලාර

About this book

තමුසේ හම්බුණොත් ඇත්නම් මගේ‍
මෙතෙන්ටම බල බල වතුර දාන්නේ ඇයි
මගේ ඉණෙන් පල්ලෙහා පැළයක් තියෙනවා
කියලා හිතුවද? හම්බුණොත් මොනාහරි
හලනවම තමා...! ශික්..!” අනර්
කේන්තියෙන් පිපිරි පිපිරී කිව්වා

“අනගියා ඕකගේ ඔය ඉණෙන් පහළ
තියෙන්නේ කැක්ටස් පැළයක් බටෝ..අර
කටු කටු හයිය පැළ..පතොක් පතොක්...
අනා...ඒ උනාට එව්වා මාර
එස්පෙන්සිව් බබා” ඒ අස්සේ හර්ෂිත
අයියා ඒක කිය කිය හැක හැක ගගා
හිනාවෙනවා.

අපි හදපු ෆලූඩා බීලා මනුස්සයෙක්
මෙහෙම අම්මා මෝ නැතිව හිනාවෙද්දි
දැන් අහල පහල හැමෝටම ප්‍රශ්නයක්.
බීම බොන අයට ඇත්තටම හිතෙනවා ඇති
මේක පිස්සු ට්‍රිබල් වෙන ජාතියේ ෆලූඩා
එකක් කියලා..! ඔය ජරමර අස්සේ ඔන්න
අපේ වත්සලා අක්කා දුවගෙන ආවා.
"මොකද අනගි..මොකද්ද අවුල??"
“අනේ අක්කි මාර වැඩේනේ බීම හැලුණා”

"අයියෝ..නංගි ඔහොම්මම මේ මිස්ටව
ඔයා අපේ වොෂ්රූම් එකට එක්කගෙන
යන්න” වත්සලා අක්කා කතාකළේ
හිනාවෙලා පණ යන්න ඔන්න මෙන්න හිටපු
හර්ෂිත අයියා එක්ක ආයෙම හිනාවෙලා.

Details
ISBN
9786245584239
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අනගි සිලිලාර

Reviews are published once a member of our team has read them.