අපේ කාලයේ වීරයෝ
"අපේ කාලයේ වීරයෝ" නම් වූ මෙම යොවුන් නවකතාව එක හුස්මට කියවා රසවිඳිය හැකි ත්‍රාසයෙන් හා වීරත්වයෙන් පිරුණු රමණීය වෘත්තාන්තයකි. යාල නැගෙනහිර වනාන්තරය පසුබිම් කොට රවිත මෙම නවකතාව තුළින් නිරූපණය වන්නේ ගැටවර වියේ පසුවන අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත ළමා පිරිසක් මහ වන මැද දී මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමකි.
සිහින් දිය දහරාවක් සේ සුමුදුව ගලායන මෙම නවකතාවෙන් වනාත්තරයේ ඇති සුන්දරත්වයත්, එහි ඇති බියකරු බවත් ඉතා කදිමට විචිත්‍රණය වෙයි. එපමණක් නොව අලි ඇතුන්, වග වලසුන්, දිවියන්, කුළු මීමුන්, මොනරුන් වැනි සතුන්ගේ විසිතුරු ලෝකයටද ඔබව කැඳවාගෙන යයි.
වන කතා කියවීමට ප්‍රිය කරන පාඨකයින්ට මෙය ඉතා රසවත් විය හැකි අතර මේ තුළින් ළමුන්ගේ පරිකල්පනය මෙන්ම ප්‍රඥාවද වඩවාලන්නට උත්සහ දරා ඇත. පාඨකයින්ව අද්භූත ලොවකට කැඳවාගෙන යනු වෙනුවට ඔවුන් තුළ පරිසරය හා සතා සිව්පාවා ගැන ඇල්මක් ඇති කරන්නටත්, ජීවිතය හමුවේ එය විවිධ අභියෝග ජය ගැනීමට ඔවුන් පෙළ ගැස්වීමටත් කතුවරයා මෙහිලා දක්වා ඇති උත්සාහය සැබවින්ම ප්‍රශංසනීය වේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.