අපි තුන්දෙනා
"කෝමලී එංගලන්තයට යන ගමන ගැන කිහිපවිටක්ම සිතට ආවේ එය දෛවෝපගත දෙයක් කියායි. ඇගේ වයසේදී මටද කෝමලීට මෙන්ම, උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා යාමට සිදුවිය. කෝමලීමෙන් නොව, මා එහි ගියේ ශිෂ්‍යත්වයකිනි. මෙහිදී මගේ දියණිය, කෝමලී ද මෙන් මා ද තෝරාගත්තේ නොටින්ග්හැම් ප්‍රදේශයේ නොටින්ග්හැම් සරසවිය වීම සුවිශේෂී දෙයක් වන බැවින්, එය දෛවයේ හාස්කමක් විය යුතුය.
“මටත් ඔයාලට කියන්න දෙයක් තියෙනව...” නිර්මලා, සහරාගේ ඇදේ තවත් ටිකක් ගුලිවෙමින් කීවේ සන්සුන්වය. “මොකක්ද ඒ? සුබ ආරංචියක්ද?”
“සුබද අසුබද කියලා කියන්න නම් මට තේරෙන්නෙ නෑ. අපේ මේ අන්තිම විභාගෙ ඉවරවුනු ගමන්ම ගෙදර එන්නලු. ඉක්මනට වෙඩිං එක ගන්න ඕනලු...”
“ඉතින් ඇයි ඒම ඔයා කැමති ඒකටද?”
“මට ඒක දැන්ම කියන්න බැහැ. වෙඩිං එකට ලෑස්ති වෙන්නනම් තව ගොඩක් කල් තියෙනවා.... බලමු...’
“තව අවුරුද්දක් දෙකක් යනකොට අපි තුන්දෙනා කොහේ කොහේ ඉඳියි කියල හිතාගන්නවත් බෑ නේද, කෝමලී?” සහරා අසයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.