අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
aragala-geethayanhi-sanniwedanartha-kapila-m-gamage-surasa-fast

සන්නිවේදන ක්‍රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප්‍රාණය ප්‍රබල වේ.

“අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ” කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව්‍යාප්තිය, ජීවගුණය හා අනුප්‍රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇතිවූ ප්‍රකට ගෝල්ෆේස් අරගලය කේන්ද්‍රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ.

කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ සක්‍රීය ජනමාධ්‍යකරුවෙකු ලෙසත්, කළමනාකරුවෙකු ලෙසත්, පර්යේෂකයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙකි. වර්තමානයේ ඔහු ජන සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කරයි.

Author කපිල එම්. ගමගේ - Kapila M. Gamage (5)
Publisher සුරස - Surasa (fast publishing) (692)
More Information
ISBN 9786242042435
පිටු ගණන 140
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ
Back to Top