ආමිකාරයා
කෝප්රල් සරත් වීරසිරි යනු මේ මිනිස් සංහතියේම එක් නියෝජනයකි. මේ මිනිස් සංහතියේම අනවරත ජීවිත ධාවනයේ එක් සංකේතයක්ම පමණි. ඔහුගෙන්ම නිෂ්පන්න වෙමින් ඔහුව තම වහලකු බවට පත් කරගනු ලැබූ මේ ආමිකාරයා වනාහි අප සියල්ලෝම දන්නා වූ ඒ ආමිකාරයා නොවේ. මේ ආමිකාරයා වනාහි මේ මුළුමහත් මිනිස් සංහතියේම පැවැත්ම තීරණය කරනු ලබන සංකීර්ණ මනෝභාවයයි. ඒ අතිසංකීර්ණ මනෝභාවය තුළ ආමිකාරයා විසින් ගොඩ නංවාගනු ලබන ඒ ප්රබන්ධ ලොව තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකියි.
ජාතියක් තවත් ජාතියකට එරෙහිව ජන මූලක ඝාතන සිදු කළ හැකි ය. එවැනි ජන ඝාතන ඉවසාගත නොහැකිව එයට ප්රති උත්තර සපයන ජාතිය ත්රස්තවාදීන් ලෙසින් හැඳින්වීමට වුව හැකි ය. කෙසේ නමුත් කාලයේ ඒ රේඛීය ගමන නවත්වගෙන, ඒකාකාරීව පවත්වාගෙන මේ මොහොත විශ්ලේෂණය කර ගැනීමට අපට හැකියාවක් තිබේ නම්? අප තුළ සිටින එවැනි අති සංකීර්ණ ආමිකාරයා වැනි සංකේතමය මනෝ රූපයන්ගේ අතීත දුකින් මිදී, එවැනි ආමිකාරයින් ගෙන එනු ලබන අනාගත බියෙන් ද මිදී මේ මොහොත සැනසිලිදායක ලෙස ගෙවා දැමීමේ හැකියාවක් පවතියි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.