Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අරුණෝදාව
About this book
දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසානාව ලැබු තරුණයෙකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ්‍රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග්‍රිසි හමුදාවය සන්නද්ධ අරගලයක නිරත වෙන සංවිධානය එක් අවස්ථාවක ඉංග්‍රිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයකට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත්අඩංගුවේ පසුවන ඉංග්‍රිසි නිලධාරියකු මරා දැමීමයි ඝාතකයා ලෙස ක්‍රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හටය වැයකළ යුතුව ඇත්තේ එක මුනිස්සමක් පමණි එය ද සංවිධානයේ අරමුණු වෙනුවෙනි. දේශපාලන අරමුණු සහ මානව සදාචාරයන් අතර වන ගැටුම තියුණු ලෙස ප්‍රශ්න කරනා මේ නවකතාව එලී වියෙසෙල් විසින් රචිත විශිෂ්යතම කෘතියක් ලෙස සැලකේ.
ISBN
9789551558925
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. You must read
    Recommended
    Ransika ·
Write a review
Write a review

You're reviewing: අරුණෝදාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.