Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මත

අසම්මත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
කරඬුවට මල් වට්ටිය පූජා කරන්න පොරකන විටත් බුදුන් වැඳ පඩිපෙළ ළඟට එන විටත් ඇය හිටියේ මාමාගේ පපුවටම තෙරපිලාය. රාගික හැඟීමක් අතපොවන මාවයකවත් නැති වේදනාවක් විතරක්ම දෙදෙනාගේ පපු තුළම කැකෑරෙමින් තිබුණේය.
"අළුත් මනමාලි ගැනද පැතුවෙ..?" ඇය පඩිපෙළ බහින ගමන් ඇසුවාය. "ඔව්" ඒ උත්තරයට ඇයට තරහය.ඒත් කරන්න දෙයක් නැත. "එහෙනම් හරියයි." කොහොමත් මාමා කියන්නේ තමනට ලබාගන්න බැරි කෙනෙකි.නිකම් ගැටළු මතු කරගන්නවාට වඩා එහෙම වෙන එක හොඳයි කියා ඇය හිත හදා ගත්තාය. "ටිකක් ඉඳලා යං ද?" කෞතුකාගාරයට පසෙක වූ කළු ගල් කුළුණු සහිත ධර්මශාලාව ළඟදී ඔහු නතර විය. "හ්ම්." ඇය ගල් බැම්ම මත වාඩි විය. ඔහු ඇය ළඟින්ම වාඩි වී ටික වෙලාවක් ඈත බලාගෙන කල්පනා කළේය. "මට කැමතිද?" ඔහු ඇහුවේ ඈච බලාගෙනය. ඇගේ මුහුණ බලාගෙන එහෙ අහන්න තරම් හයියක් තිබුණේම නැත. "ඈහ්?" ඇයට උත්තරයක් දෙන්නම බැරි ප්‍රශ්නයක් මාමා ඇහුවේය. ඒ ප්‍රශ්නයත් එක්ක දහසකුත් ගැටළු නිර්මාණය වෙවී ඇගේ හිස වටා කැරකෙන්නට විය. "මට කැමතිද? මං දෙපාරක් අහන් නෑ. ඒ නිසා හරි උත්තරයක් දෙන්න." මාමා ඇගේ මුහුණ දෙස බැළුවේය. ඇයට ඒ බැල්ම දරාගන්න බැරිය. වෙන කවදාවත් නැති තරම් සංයමයකින් ඔහුගේවචනත් බැල්මත් පිරී තිබුණේය.
ISBN
9789557829913
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසම්මත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.